Home / News / ”විශ්‍රාම ගැනීමක් නැහැ – ජනතාව සමග එකතු වෙනවා” -මංගල (වීඩියෝ)

”විශ්‍රාම ගැනීමක් නැහැ – ජනතාව සමග එකතු වෙනවා” -මංගල (වීඩියෝ)

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
තමා ‘මන්ත්‍රී දේශපාලනයෙන්’  සමුගත්ත ද පෙරටත් වඩා වේගවත් දේශපාලන ක්‍රියාවලියකට මේ රටේ ජනතාව සමග එකතු වීමට බලාපොරොත්තු වන බව

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

2020 මග මැතිවරණ සටනින් ඉවත්වීම නිවේදනය කරමින් ඔහු එබව සඳහන් කලේ, මාතර සිය නිවසේ ඊයේ (ජුනි 09) පැවති විශේෂ හමුවකදීය. මාතර එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මහජන නියෝජිතයින් හා පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකට ඒ සඳහා ආරාධනා කර තිබිණ.

එහිදී මංගල මෙසේ සඳහන් කළේය.

”ඇත්ත වශයෙන්ම අද මගේ දේශපාලන ජීවිතේ ඉතාමත්‍ සුවිශේෂ දිනයක්. අද මගේ පණිවිඩය මගේ තීන්දුව මාතර මා සමග එක්ව හිටපු ජනතාවට දැනුම්දීම සඳහා මෙම රැස්වීම කැඳවනු ලැබුවා.  ඇත්තවශයෙන්ම මිට වඩා විශාල පිරිසක් මා මෙතනට කැදවන්නට අවශ්‍ය වුනත් කොරෝනා වෛරසය අශ්‍රිතව තියෙන ඒ නීති රීති වලට ගරැකරමින් මම මෙම පුංචි රැස්වීම 40 කට විතර සීමා කරලා, විශේෂයෙන්ම මම අවුරැදු 31ක් නියෝජනය කරපු ආසනේ පළාත් පාලන මන්ත්‍රී වරුන් සමග මේ අලුත් ගමන පිළිබඳ සාකච්ඡා අරම්භ කරන්නටයි තීන්දුකරේ.

ඒ පණිවිඩය තමයි මේ. ඒක දැන් පැහැදිළිවම තියෙනවා 2020 මහා මැතිවරණ සටනෙන් මම ඉවත් වෙනවා. නාම යෝජනා දුන්නැයින් පස්සේ ඉවත් වීමට නම අයින් කර ගැනිමට හැකියාවක් නැති වුනත් මට පුලුවන් මේ මැතිවරණයේදී මගෙ අංකයට මානාපයක් ලබා නොදෙන්න යැයි කියන ඉල්ලිම මෙතනදි කරන්න. හිතලා

අංක 8 න් හතර පාරක් පාර්ලිමේන්තු ගියා :

නෙමෙයි. හරියටම අද අංකත් අවා,අංක 8.  මම හිතන්නේ ඔය 8ත් මට හොදට පුරැදු 8ක්. මොකද ගිය අවුරැදු 31 මට 4 වාතාවක්  8 ලැබිලා ඒ 8න් 4 ක්ම  ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට ගියා.

නමුත් මේතනදී මම පැහැදිළිවම කියන්න ඕනේ. මම මේ තීන්දුව අරගෙන තියෙන්නේ දේශපාලනයෙන් විශ්‍රාම යන්නට නෙමෙයි. ඇත්ත වශයෙන්ම කියනවානම් මම අද ඉදලා මන්ත්‍රී දේශපාලනයෙන් විශ්‍රාම ගියත් ඊටත් වඩා වේගවත් දේශපාලන ක්‍රියාවලියකට මේ රටේ ජනතාව සමග එකතු වෙන්න මම බලාපොරොත්තුවෙනවා.
theleader.lk

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *