Home / Stories / මංගලගේ ඉවත්විමෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් ලයිස්තුව කඩාකප්පල්වෙලා !

මංගලගේ ඉවත්විමෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් ලයිස්තුව කඩාකප්පල්වෙලා !

B-Br8YBCcAEn73fමුදල් හා ජනමාධ්‍ය හිටපු ඇමැති මංගල සමරවීර මහතා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත්වීමේ දේශපාලන ක්‍රියාදාමය නිසා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව ද දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් වූ බව ද හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කළ බව දිණමිණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
මේ සදහා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමඟි ජන බලවේගයේ නායකයන් දැන සිටියේ නැතැයි ද ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත දැක ගැනීමට හැකි වනු ඇතැයි ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළ බවද වැඩිදුරටත් එහි සදහන්ය.

‘ඩීල් දේශපාලනය’ තම පැවැත්ම කර ගත් වජිර අබේවර්ධන වැනි පුද්ගලයින්ගේ කුමන්ත්‍රණ නිසා, පක්ෂය තුළ සිටින  අවංක, කාර්ය ශුර පුද්ගලයින්ටමෙවර මහ මැතිවරණයේදී ‘සමගි ජන බලවේගය’ යටතේ වෙනම තරඟ කිරීමට සිදුව ඇති බවත්, එම තත්වය තුල එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනික වශයෙන් තනිවී සිටින බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසන බව ‘theleader.lk’ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

මංගල සමරවීර එබව සඳහන් කළේ, ”සමගි ජන බලවේගයේ’ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් මංගල ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා තමා එක්ව දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බවට” හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක පලවී ඇති පුවතක් පිළිබඳව ‘theleader.lk’ කල විමසීමක දී බවද එහි සදහන්ය.

” මම මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත්වෙන්න ගත්ත තීන්දුව හොඳට හිතල බලලා ගත්තු දේශපාලන පියවරක්. ‘ඩීල් දේශපාලනයේ ඔස්තාර්ලට එක ‘ඩීල්’ එකක් විදියට පෙන්න පුළුවන්. මම ගත්ත තීන්දුව ජුනි 09 දා ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ල මම ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් වෙන වෙනම හමුවෙලා දැනුම් දීලයි තිබුනේ.

මම එක්සත් ජාතික පක්ෂයට එකතුවුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි පැවති විශ්වාසය නිසා. එනිසා මම ගනු ලබන දේශපාලන ස්ථාවරය ඔහුට ද දැනුම මගේ යුතුකමක් වුනා. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවුන වෙලාවේ මගේ දේශපාලන ස්ථාවරය පැහැදිලි කළා මිසක් උපදෙස් ගන්න ගියේ නැහැ. මම ගත්තු තීන්දුවට ඔහුගේ කිසිඳු සම්බන්ධයක් නැහැ.

මං පොර වෙන්න දගලන වජිරලා වගේ ‘ඩීල්කාරයෝ’ ඉන්නතුරු එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නම් නැහැ. එක්සත් ජාතික පක්ෂය වැනි ශ්‍රේෂ්ඨ පක්ෂයක් මේවගේ තක්කඩියන්ගේ නවාතැන් පලක් වී තිබීම ගැන මම ඇත්තටම කණගාටු වෙනවා” මංගල සමරවීර වැඩිදුරටත් කියා ඇතැයි එම වෙබ් පුවතේ වැඩිදුරටත් සදහන්වේ.

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *