Home / News / වැසිකිලිය ගව ඝාතකාගාරයක් කරගත් හක්මන පිරිසක් පොලිසිස් අත්අඩංගුවට ?

වැසිකිලිය ගව ඝාතකාගාරයක් කරගත් හක්මන පිරිසක් පොලිසිස් අත්අඩංගුවට ?

hakamana 2hakmana1(1.45 pm ) ඇදිරි නීතිය ක්‍රියාත්මකව පවතින කාලය තුලදි හක්මන කිරින්ද ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගර දෙකක මී ගවයින් ඝාතනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනෛකු සමග ඝාතනය කරන ලද මී ගවයින්ගේ මස් තොගයක් අද (16) අළුයම අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන අංශය පවසයි.

වැටලිම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් විසින් ගවයින් ඝාතනය කරමින් සිට ඇති අතර පොලීසිය දුටු විගස මස් සැගවීමට උත්සාහ දරමින් නිවසේ වැසිකිළි වළක, අල්මාරියක් තුල සහා ඇදන් යට මස් ගබඩාකර තිබුණි. හක්මන 6හක්මන 4

සැකකරුවන්ගේ නිවෙස්වල ඔවුන් භාවිතා කරනු ලබන වැසිකිළි මෙම ගවයින් මැරීම සදහා ගව ඝාතකාගාරය ලෙස යොදාගෙන තිබු අතර ඝාතනය කරන ලද මීගවයින් දෙදෙනෙකුගෙ මස් කිලෝ ග්රෑම් තුන්සියයකට වැඩි ප්‍රමානයක් අත්අඩංගුවට ගැනිමට පොලිස් නිළධාරින් සමත් විය.

එම ස්ථානයට පැමිණි කිරින්ද පුහුල්වැල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකතුමන් ඒම මස් පරික්ෂා කරනු ලැබු අතර ඒවා මිනිස් පරිභොජනයට නුසුදුසු ඒවා බවට හදුනා ගැණිනි.

මීට අමතරව ඝාතනය සදහා සුදනම් කර තිබු තවත් මී ගවයින් දෙදෙනෙකුද පොලිස් බාරය ගනු ලැබිය.සැකකරුවන් කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් කලක් තිස්සේ මෙම නීතිවිරෝධි ගවඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය සිදු කල මුලික පරීක්ෂණ වලදි අනාවරණය වි ඇත.

ඩවයස අවුරුදු30-65 අතර වයස් වල පසුවන මෙම සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(රසුන් දහනායකගේ මුහුණු පොතෙන් උපුටා ගැනුනි )

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *