Home / News / ගාල්ල වරායෙන් කොරෝනා ඇතුළුවිමේ අවධානමක් ?

ගාල්ල වරායෙන් කොරෝනා ඇතුළුවිමේ අවධානමක් ?

galle-port-825x412විදේශීය නෞකාවල සේවකයන් එම නෞකාවලින් බැසීම හා ගොඩවීමට ගාල්ල වරාය තෝරාගෙන තිබීම නිසා රට තුළට කොරෝනා ඇතුල් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව රේගු නිලධාරියකු පැවසීය.

සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක් නෞකා කාර්ය මණ්ඩල ගොඩබැසීමේ කටයුතු නතර කර ඇති තත්ත්වයක ආසන්න රටවල සිටින විදේශිකයෝ ශ්‍රී ලංකාවට පැමිණ ගාල්ල ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලට ගොඩවීමට කටයුතු කරති.

රේගුවේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ මෙම ක්‍රියාව දීර්ඝ කාලයක සිට සිදුවන අතර, ගාල්ල වරායෙන් යාත්‍රා කරන කුඩා සැපයුම් යාත්‍රාවක් මගින් මුහුද මැද දී එම කටයුතු සිදුවේ.

එසේ යන යාත්‍රාවෙන් නෞකාවට ගොඩවන සේවකයෝ එසේ එම නෞකාවෙන් බසින සේවකයන් පසුව ගොඩබිමට පැමිණ කටුනායක ගුවන් තොටුපොළෙන් සිය රට බලා පිටත්ව යති.

එහෙත් එසේ ගාල්ල වරායෙන් ගොඩබසින නෞකා කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමට හෝ නිරෝධායනයට අවශ්‍ය කටයුතු මෙතෙක් සිදු නොවන බව වාර්තා වේ.
මුලාශ්‍රය-අරුණ

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *