Home / Articles / සාහිත්‍යය කලා මංගල්‍යය “පෙන්නා මාතර පුරපති මුදල් කොල්ලයක ?

සාහිත්‍යය කලා මංගල්‍යය “පෙන්නා මාතර පුරපති මුදල් කොල්ලයක ?

මාතර මහනගර සභාවේ අනුග්‍රහය ඇතිව සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමය සංවිධානය කළ “පුරපති ප්‍රදීප සාහිත්‍යය කලා මංගල්‍යය “පෙන්නා මාතර මහනගර සභාවේ පුරපති රංජිත් යසරත්න මුදල් කොල්ලයක යෙදී සිටි බව මාතරකිඹුලා වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණි.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ පුරපති වරයා මේ මංගල්‍යය සදහා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ලබාදී ඇත්තේ ගාස්තු අයකිරීමකින් තොරව බවය
තත එසේව තිබියදි  ක්‍රිඩාංගනයේ කඩ අල්ලි ලබාදීමේදී වර්ග අඩි දහයයි දහයේ කොටසක් සදහා රුපියල් 50.000.00 බැගින් අයකර තිබේ .

එවැනි වෙළෙඳ කුටි 35 ක් ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇත  අතර ඊට අමතරව ජංගම වෙළඳ කුටි 5 ත් 10 ත් අතර ප්‍රමාණයකි.ප්‍රධාන පෙලේ සමාගම් කිහිපය ක අමතර වෙළඳ කුටි හා දැන්වීම් සදහා වෙනම ගාස්තු අයකර තිබේ.මහනගර සභාවේ මුදල් කමිටුව නොමග යවමින් ගාස්තු රහිතව ක්‍රිඩාංගනය නිදහස් කළ බව කියන පුරපති මෙසේ මුදල් රැස්කිරීම කරන්නේ කවර නීතියක් යටතේ ද දැයි මාතරකිඹුලා වෙබ් අඩවිය අසයි
ගාස්තු රහිතව ක්‍රිඩාංගනය නිදහස් කර ඇත්තේ දින 12 ක කාලයක් සදහා ය.මෙම කලා මංගල්‍යය සදහා වෙළඳ කුටි ඉදිකිරීමට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට බරවාහන ක්‍රීඩාංගණය ට ඇතුල් කිරීම නිසා ක්‍රීඩාංගණය මඩ වගුරක් බවට පත්විය.

මාතර පුරපති පසුගිය අගෝස්තු මාසයේ නදුන් උයන නැමැති ප්‍රසංගය නීති විරෝධීව යොදාගෙන මුදල් ගැරීමට සුදානම් වූ අවස්ථාවේ එය රටට හෙළිදරුව් කළ කිඹුලාගේ ප්‍රධාන ඡායාරූපය
කිසිදු සැලසුම්ක නැතිව පුරපතිවරයාගේ මූලිකත්වයෙන් සිදුකළ පොත් ප්‍රදර්ශනය විසින් සනත් ජයසූරිය ක්‍රීඩාංගනයට අත් කොට ඇති විනාශය

සැලසුමකින් තොරව විශාල මුදල් කන්දක් විනාශ කරමින් පුරපති සාහිත්‍ය ප්‍රදීපය නමින් තම නම ප්‍රදර්ශනය කිරීමට ඉදි කොට ඇති දැවැන්ත කටවුට් ප්‍රදිර්ශය කොට තිබූ අයුරු

ඊට චිප් ගල් ඇතිරීම සදහා යොදා ගෙන තිබුනේ නගර සභා සේවකයන් ,ද්‍රව්‍ය සහ නගර සභාවට අයත් රථවාහන ය.නොමිලේ ක්‍රිඩාංගනය ලබාදී ඒ සදහා ගාස්තු පුරපති සාක්කුවේ දමාගෙන තිබීම ජුගුප්සාජනක ය.එමෙන්ම මේ සාහිත්‍යය කලා මංගල්‍යය යෙන් පසු ක්‍රීඩාංගණය යලි යථාතත්වයට පත්කිරීමට සිදුවනු ඇත්තේද මාතර මහනගර සභාවේ අරමුදල් වලිනි.ඊට අමතරව මේ කලා මංගල්‍යය වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය පුරා බැනර් හා දැවැන්ත ප්‍රචාරක පුවරු සවිකර තිබිනි. ඒ සදහා කිසිදු ප්‍රදර්ශන ගාස්තුවක් මහනගර සභාව ට ගෙවා නැත .ඒවාද පුරපති කොල්ලකා ඇත .පුරපතිගේ ප්‍රදීප ය වෙනුවෙන් ජයසුරිය ක්‍රිඩාංගනයේ සියලුම කටයුතු සදහා යොදවා තිබුනේ මාතර මහනගර සභාවේ සේවකයන් ය. ඊට අමතරව එහි දේපොළ ය.මාතර මහනගර සභාව නොමගයවා පුරපති රංජිත් යසරත්න සභාවට අයවිය යුතු ගාස්තු සියල්ලම පොකට් ගසා ඇත. මාතර මහනගර සභාවේ සභා අනුමැතියක් හෝ නැතිව මෙසේ නගර සභා දේපළ පුරපති ගේ ප්‍රදීප දැල්වීම සදහා යොදාගැනීම නීත්‍යානුකූල වන්නේ කෙසේ ද…?පොත් කියවීමට හුරුකිරීම,මිලදී ගැනිමට අවස්ථා ව සැලසීම හා සාහිත්‍යය කලාව පෝෂණය කිරීමට මෙවැනි වැඩසටහන් සම්පාදනය කිරීම ඉහලින්ම අගේකල යුතු නමුත් පොහොට්ටුවේ පුරපති රංජිත් යසරත්න කරන්නේ “ලොරියේ ඉදිරිපස බුදු සරණයි යනුවෙන් දැන්වීම් අලවා මස් පිනිස ගවයන් ප්‍රවාහනය කිරීම වැනි තක්කඩි වැඩකි.
මුලාශ්‍රය – මාතරකිඹුලා වෙබ් අඩවිය

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *