Home / Articles / කාන්තාවන් ඉදිරියේ පොලිස් පාට් දාපු ගාල්ල පොහොට්ටු නගරාධිපති! ලැජ්ජයි !

කාන්තාවන් ඉදිරියේ පොලිස් පාට් දාපු ගාල්ල පොහොට්ටු නගරාධිපති! ලැජ්ජයි !

Image may contain: one or more people and people sitting
galle issue
නිල් කමිසයක් ඇදගෙන පොලිස් පාට් දාන ගාල්ල පොහොට්ටු නගරාධිපති

සියළු පක්ෂවල ප්‍රා.සභා සහ එම පක්ෂ වලට අයත් කාන්තා නායිකාවන්ගේ ධාරිතා සංවර්ධනය සදහා’ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව සහ සමාජ අනුකලනය,අන්තර්ග්‍රහණය’ පිළිබද ,පුහුණු වැඩ සටහන .—-
ඉහත මාතෘකාව යටතේ ගැමි කාන්තා පෙරමුණ කාන්තාව හා මාධ්‍ය සාමුහිකය සමග එක්ව ගාල්ලේ leijay resortහි කාන්තාවන් විසි දෙනෙක් හා පවත්වමින් යන අතරතුර අනපේක්ෂිත සිදුවීමක් වුණා.
එනම් අපගේ සම්පත් දායිකාව වැඩ සටහන ආරම්භ කරමින් ගෙන යන අතරතුර.අනවසරයෙන් 8දෙනෙකුගෙන් යුත් පිරිසක් කඩා වැදුණා.සභාගිකයන් තුෂ්නිම්භූතව සිටියදී ඔහු අප මැදට පැමිණ ‘මම තමයි ගාල්ලේ නගරාධිපති .මොකද්ද මෙතන වෙන්නේ’ යැයි ඇහුවා.72645173_487342475509043_4696780264137818112_n
අපි පැහැදිලි කළා මෙය කිසිසේත් දේශපාලන වැඩක් නොවන බව.
මෙය කලින් සිට කරගන යන ක්‍රියාදාමයක තවත් ක්‍රියාකාරකමක් බව අපි පෙන්වා දුන්නා.
එවිට එතුමා ඇහුවේ ,මෙතන කෝ සියළු පාක්ෂිකයන් නැහැනේ, කෝ පොදුජන පෙරමුණේ අය…?යනුවෙන්.
එවිට ,පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් දෙදෙනෙක්, ඇයි අපි ඉන්නේ , යනුවෙන් නැගී සිටියා.
එවිට වටපිට බලා මෙම ආයතනයේ තිබූ බිත්ති සැරසිල්ලක් දැක, ‘මේ මොකද අලින්ගේ දර්ශනයක්’ යනුවෙන් ප්‍රශ්න කළා.ඒ ප්‍රශ්නයට සහභාගිකයෙක් උත්තර දෙමින් අලි විතරද, මේ පොහොට්ටුත් තියෙන්නෙ කියමින් මල් පෝච්චියක් පෙන්නුවා.
ඔවුන් ඊළගට කළේ, සහාභාගිකයන් අත තිබූ ලියකියවිලි පරීක්ෂා කිරීමයි.
අණතුරුව නගරාධිපති තුමා අපෙන් ඉල්ලා සිටියේ අපගේ ලියාපදිංචි සහතිකයයි.එය කාර්‍යාලයේ බැවින් පසුව ඉදිරිපත් කළ හැකි බව අප කියා සිටියා.
මොනවද මේ වැඩසටහනේදි බෙදන ප්‍රතිලාභ..?යනුවෙන් මගෙන් හා සහභාගිකයන් ගෙන් විමසුවා.
පිළිතුර වූයේ,මෙය දැනුම ,අවබෝධය මිස ප්‍රතිලාභ බෙදන වැඩසටහනක් නොවන බවයි.
අණතුරුව ඔහු අණ කළේ වැඩ සටහන නවත්තන ලෙසයි.
මෙය කාලය මුදල් හා ශ්‍රමය වැය කරමින් ප්‍රදේශ කීපයක කාන්තා නායිකාවන් සම්බන්ධ කරගෙන කැපවීමෙන් කළ වැඩ සටහනක් බැවින් එසේ නතර කළ නොහැකි බව අපි පැවසුවා.
අපගේ කාර්‍යාලය පිළිබද විස්තර අසා නැවත පැමිණෙන බව කියමින් ඔවුන් යන්න ගියා.
මට තිබෙන ප්‍රශ්නය මේකයි.
එතුමා ගාල්ල නගරයේ ප්‍රධාන පුරවැසියා නම්
මෙවැනි කාන්තා රැස්වීම් මැදට කඩා පැනීමේ දී මීට වඩා ආචාරශීලී පිළිවෙතක් අනුගමනය කළ යුතුව තිබුණා නොවේද?
තම අනුගාමිකයන් සියල්ල සමග සභාව මැදට පැමිණ තම නිල බලය අයුතු අන්දමින් පාවිච්ච් නොකළේද?
මෙම සිද්ධියෙන් මෙරට වසර 30කටද අධික කාලයක් ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් සේවය කරන අප සංවිධානයේ ගරුත්වය මෙන්ම සභාගික කාන්තාවන්ගේ ගරුත්වයට හානි පැමිණ වීමට නිල බලය මගින් නිත්‍යානුකූල අයිතියක් ලබා දී තිබේද?
ශ්‍රියානි පතිරගේ

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *