Home / Stories / මාතර උසස් පෙළ සිසුවිය සහ මාධ්‍ය සදාචාරය ?

මාතර උසස් පෙළ සිසුවිය සහ මාධ්‍ය සදාචාරය ?

media-ethics-1-638මාතර නගරයේ නවතා තිබු පාසල් වෑන් රථයක් සිටි සිසුවියක් පිළිබදව වු පුවතක් පසුගිය දිනවල ඇතැම් ප්‍රධාන ධාරවේ මාධ්‍ය විසින් අනගරැගුම් ලේබලයක් යටතේ වාර්ථා කොට තිබුණි.
ඒ වර්ථාවන්ට අනුව ඇය මෙවර උසස් පෙළ විභාගයට ලියන පාසැල් දැරියකි.
සැබැවින්ම අදාල ප්‍රාදේශිය වාර්තාකරුවා මේ සිදුවිම ගැන මැදහත් සිතින් කල්පනා කර බැලුවේ නම් එය ලංකාවට කුනූ කුණු රසය විකුණන පුවතක් ලෙසින් පළකර සතුටු වනවා වෙනුවට තව දින කිපයකින් පැවැත්වෙන උසස් පෙළ විභාගයට වාඩිවිමට නියමිත දැරියක් අපහසුවට පත්නොකර සිටිමේ වගකීමට උරදිය යුතුව තිබුණි.
එහෙත් මාධ්‍ය මෙන්ම ඒවාට ප්‍රවෘත්ති සපයන ප්‍රාදේශිය වාර්තාකරුවන්ටද ඇත්තේ කුණුරසය විකිණිමේ මාධ්‍ය භාවිතය මිස ඉන් එහා ගිය ආචාරධාර්මක වෘත්තියභාවයක් නම් නොවේ.
මෙහි ඇති බරපතල විහිළුව වන්නේ මාධ්‍ය ආචාරධර්ම ගැන රටපුරා පැවැත්වෙන තරු හෝටල් කීයක නම් වැඩමුළුව වලට මේවැනි මාධ්‍යවේදින් ගොස් ඇත්තේද යන යන්නයි .
මේ රටේ  සැබෑ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගිම වෙනුවෙන් අවංකවමට මැදිහත්වනවා වෙනුවට සිය ව්‍යාපෘතිය වෙනුවෙන් අවැසි මාධ්‍යකරුවන්ගේ අත්සන් ලයිස්තුව ගැන පමණක් උනන්දුවන ව්‍යපෘති නඩ මෙන්ම තරු හෝටලයක කැම බිම දි අතටත් ගානක් ලැබෙන නිසා මාධ්‍ය වැඩමුළු හොය හොයා යන ප්‍රාදේශිය මාධ්‍යකරුවන් කවදා නම් ශිෂ්ඨ සම්පන්ත වෘත්තිය සදාචාරයක් ගොඩනගා ගනිවිද යන්න සැක සහිතය.

 

.

 

 

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *