Home / Stories / මාමා බැලිමට පැමිණි ලේලිලා කරපු වැඩේ !

මාමා බැලිමට පැමිණි ලේලිලා කරපු වැඩේ !

sick

ලෙඩින් සිටින මාමා බැලිමට පැමිනි ලේලිලා දෙදෙනකු නැන්දගේ රුපියල් 94500 ක් වටිනා රන්ආභරණ සොරකම් කිරිමේ සිද්ධියක් කඹුරුපිටිය ප්‍රෙද්ශයෙන් වාර්ථාවේ. කරගොඩ උයන්ගොඩ ඉහල විටියල
නැගෙනහිර ප්‍රෙද්ශයෙදි පසුගිය 25 වන දින දහවල් 12.30 ට පමන සිදුවිඇති සොරකම මෙසේය. ඇයගේ සැමියා රෝගිව සිටින නිසා අකුරැස්ස පිටබැද්දර පදිංචි ඔහුගේ සොහොයුරිකෙගේ දියනියන් දෙදෙනා
කඹුරුපිටියට පැමින මාමාගේ දුකසැප බලායාම සිරිතක්වි ඇත. මෙම ලේලිලා දෙන්නා පැමිණ ගියවිට නිවසින් මොනවා හරි දෙයක් සොරාගෙන යන බවනැන්දාට දැනිතිබුණි. සිද්ධියවු දින පැමිනිලිකාරිය මාතර මහජන
පොලේ වෙලදාම් කටයුතු වලයෙදි සවස නිවසට පැමිනිවිට ලේලිලා දෙන්නා තමා බැලිමට පැමිනි බව සැමියා බිරිඳට පවසාඇත. මෙයින් කලබලයටපත් පැමිනිලිකාරිය විනාශයි! කියමින් ඇය නිදියන ඇඳේ මෙට්ටය
උස්සා බලනවිට ඇය පොලට යද්දි ගලවා පෙට්ටියක දමා සඟවා තිබු රන්මාල, වලලු, කරාබු ජෝඩු, යනාදිය සොරකම් කරඇති බව දැක මෙම ලේලිලා දෙන්නාට විරුද්ධව කඹුරුපිටිය පොලිසියට පැමිනිලිකර ඇත.
සැකකාර සහෝදරියන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට කඹුරුපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂන පවත්වයි.
මාතර ඩබ්ලිව්.පි.ධර්මසේන .

About meepura

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *