Home / News / ගාල්ලේ වෙඩි තැබිම් 3 ක් ! 04 කට දිවි අහිමිවෙයි !

ගාල්ලේ වෙඩි තැබිම් 3 ක් ! 04 කට දිවි අහිමිවෙයි !

stock-photo-hand-gun-automatic-pistole-with-flying-bullet-fire-532657279ගාල්ල කොස්ගොඩ  ප්‍රදේශයේ (29) අද පාන්දර 03.45 පමණ සිදුවූ වෙඩිතැබීම් 03කින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් කුඩා දරුවෙකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව කොස්ගොඩ පොලිසිය පවසයි.

කොස්ගොඩ යුධ පිටිය ,මැණික් ගම්මානය ,කුරුඳු ගම්මානය යන ගම්මානවල වෙඩිතැබීම සිදුව තිබේ.
යුධ පිටිය ගම්මානයේ සිදුවූ වෙඩිතැබීමෙන් එකම පවුලේ (50) පියා ඇතුළු (21,14) පුතුන් දෙදෙනා මියගොස් තවත් කුඩා දරුවෙකු තුවාල ලබා ඇතිබව පොලිසිය පවසයි.
කුරුඳු ගම්මානය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් (38) පිරිමි පුද්ගලයකු මියගොස් ඇතිබව පොලිසිය පවසයි.
වෙඩිතැබීම එකම කණ්ඩායමක් විසින් සිදුකර ඇති අතර සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද හිස් ආවරණ පැළඳ යතුරු පැදියකින් පැමිණ වෙඩිතැබීම් සිදුකර ඇතිබව පොලිසිය සඳහන් කරයි.
වෙඩිතැබීම සිදුකර පුද්ගලයන් හඳුනා ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.

Save

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *