Home / News / 12 හැවිරිදි සිසුවාට මරැ කැදවු සංගීත ප්‍රසංගය

12 හැවිරිදි සිසුවාට මරැ කැදවු සංගීත ප්‍රසංගය

මාතර තිහගොඩ කපුදූව මහජන ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර සිදුවූ ගැටුමකින් එය නැරඹීමට පැමිණි 12 හැවිරිදි සිසුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. සංගීත සංදර්ශනය පැවැත්වෙන අතරතුර දී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් අතර ගැටුමක් හට ගැනුණා. සංගීත සංදර්ශනය නරඹමින් සිටි මෙම ශිෂ්‍යයා එම කෝළාහලය අතරතුරදී පිහි පහරක් වැදීමෙනුයි මිය ගොස් ඇත්තේ. ඔහු සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණ ඇත්තේ සිය පවුලේ සාමාජිකයින් සමඟයි. ගැටුමෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු ඊයේ (30) රාත්‍රියේදීම අත්අඩංගුවට ගැනීමට තිහගොඩ පොලීසියට හැකිවුණා.

365 copy 366 copy 367 copy 368 copy 369 copy 371 copy 372 copy

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *