senior005bදකුණු පළාතේ වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය  ඉදිරි සති දෙක සදහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට  උපදෙස් ලබා දි ඇති බැව් දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසා සිටි බව ada.lk වෙබ් අඩවිය අද වාර්ථා කොට තිබුණි.දැනට දකුණු පළාතේ වැඩිහිටි නිවාසවල ආහාර හිගයක් නොමැති බව පවසන දකුණු පළාත් පරිවාර කොමසාරිස්වරයා අවශ්‍යතාවය  අනුව  ප්‍රාදේශිය ලේකම්වරුන් සමග සාකච්ඡාකොට  සතොස සමුපාකාර මගින් වියලි ආහාර ද්‍රව්‍ය තව සති දෙකකට ගබඩාකරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් දුන් බවද වැඩිදුරටත් එහි සදහන්ය..
දකුණු පළාතේ වැඩිහිටි නිවාස  49ක වැඩිහිටි පුද්ගලයින් 1600ක් සිටින බව  වාර්ථාවේ..
මේ වැඩිහිටි නිවාස සිටින අය සදහා අවැසි ඖෂධ වර්ග ගබඩා කර තබාගැනිම සදහාද අදාල බලධාරින්වෙත දැනටමත් දන්වා ඇතැයි සැලය.
විශේෂයෙන්ම ඊයේ සවස් වරුවේ සිට රජය විසින් සියළුම පුද්ගලික ඔසුසැල් වසාදැමිමට නියෝග කිරිමත් සමගින් මේ තත්වය මෙවන් වැඩි හිටියන් වෙසෙන ස්ථානවලට ඉතාමත් වැදගත් වේ.
මුලාශ්‍රය- ada.lk