pick me attakරටක් නුතනත්වය කරා ගමන් කරද්දි වේගයෙන්ම ඉදිරියට යන ක්ෂේත්‍රයක් ලෙස දැන් ප්‍රවාහන සේවයද එක්ව තිබේ. ඒ වෙනුවෙන් සේවාවන් සැපයිම සදහා පිළිගත් ලියාපදිංචි ආයතන දැන් ලංකාවේද ක්‍රියාත්මකය.
PICK ME ,UBER මේවා අතර වඩාත් ජනප්‍රිය ප්‍රවාහන සේවාවන් බවට පත්ව තිබේ.එහෙත් මේ තත්වය නිවරදිව තේරුම් නොගන්නා හණමිටි යුගයේ සිටින ඇතැම් රථගාල්වල චණ්ඩි රියදුරෝ දැන් සංචාරක කර්මාන්තයට පිළිලයක් වෙමින් තිබේ.

බේරුවල මොරගල්ල හෝටලයක සිටි සංචාරකයින් දෙදෙනෙකු ගුවන්තොටුපළ වෙත රැගෙන යාමට පැමිණි සංචාරක සමාගමක රියදුරෙකුට එම හෝටලය ඉදිරිපිට රථ ගාලේ රියදුරන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු අද (21) පහරදී ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.පහරකෑමට ලක්වූ රියදුරා අලුත්ගම රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.පහරකෑමට ලක්ව ඇත්තේ ඕ. ඩබ්ලිව් රසික නැමැති අයෙකු බව පොලිසිය කීය.හෝටලය ඉදිරිපිට රථගාලේ රියදුරන්ට හැර වෙනත් අයට විදෙස් සංචාරකයින් රැගෙන යාමට නොහැකි බව කියමින් තමාට පහරදුන් බව පහරකෑමට ලක් වූ රියදුරා අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වන බව අලුත්ගම පොලිසියේ නිලධාරියෙකු පැවසීය.
(ඡායාරූපය – themorning.lk කලින් පැවැති විරෝධයක ඡායාරූපයකි.)