Home / Stories / ජවිපෙ විරෝධය මැද යෝජනා 49ක් සම්මත කර ගත් ගාල්ලේ පොහොට්ටු නගරාධිපතිවරයා !

ජවිපෙ විරෝධය මැද යෝජනා 49ක් සම්මත කර ගත් ගාල්ලේ පොහොට්ටු නගරාධිපතිවරයා !

ගාල්ල මන්ත්‍රිගාල්ල මහ නගර සභාවේ මාසික රැස්වීම අද (19) පැවති අවස්ථාවේ සභාව එකම ගාලලගෝට්ටියක් බවට පත්විය.එයට හේතුව වි තිබුනේ
මන්ත්‍රීවරුන්ගේ  යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදි ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් ගමගේ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙයට වසරකට පෙර තමා විසින් අසන ලද ප්‍රශ්නයකට තවමත් පිළිතුරු නොදී කල් ඉල්ලීම අසාධාරණ බව කියා සිටිමත් සමගින්ය.
මෙහිදි දිගටම කරුණු දැක්වු ජවිපෙ මන්ත්‍රිවරයා පසුව මේසය මතට ගොඩවු තිබුණි.ඒ සමගම ජනතා විමුක්ති පෙරමුණේ කුමාර සෙනවිරත්න මන්ත්‍රීවරයාද මේසය මතට ගොඩවී විරෝධය පළ කරන්නට වූ අතර එම පක්ෂයේ නිශාන්ති ප්‍රදිපිකා මන්ත්‍රීවරියද මේසයට ගසමින් ඝෝෂා කරන්නට වූවාය.
මෙහිදි කැලුම් සෙනවිරත්න මහතා(පො.පෙ)කියා සිටියේ මන්ත්‍රීවරයාගේ විරෝධය සාධාරණ බවය. ප්‍රශ්නයක් අසා වසරක් යනතුරු පිළිතුරු දිය නොහැකිනම් එය පිළිතුරු සැපයීමට නොහැකි ප්‍රශ්නයක් විය යුතු බවද, පැය දෙකක් තිස්සේ  කරන ලද්දේ මහජන මුදලින් කෑම බීම ගැනීම පමණක් බවද ඒ මහතා කීය.
එහිදී සභාව පාලනය කර ගැනීමට අපහසුවීම නිසා නගරාධිපතිවරයා පැය භාගයකට සභාව කල් තබන ලදී. පසුව යලිත් සභාව රැස්වු අවස්ථාවේද සුනිල් ගමගේ මන්ත්‍රීවරයා කියා සිටියේ තම විරෝධය දිගටම පළකරන බවය.
මෙහිදි නගරාධිපතිවරයා ඝෝෂාකාරි තත්වය මැද වුවද යෝජනා 49ක් සම්මත කර ගත්තේය.
මුලාශ්‍රය – ලංකාදිප

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *