සමෘද්ධි නිලධාරීන්ගේ පත්වීම් පවා හරිහැටි සිදුනොකර ඔවුන් ව දිගින් දිගටම දේශපාලන අතකොලු ලෙස යොදවා ගනිමින් සිටි රාජපක්ෂ රෙජීම පාලනය සිය පැරණි මජර වැඩ ජනාධිපතිවරණය අවස්ථාවේ ද යොදවා ඇති බව මේ අනූව පැහැදිලි වෙයි.
රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් මැතිවරණ රාජකාරි සඳහා අනියුක්ත කර සිටින නිලධාරීන් ද මේ සඳහා කැඳවීමට නියමිත බවත් අප ආරංචි මාර්ග සදහන් කරයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය ආසනයේ ක්ශේත්‍ර රාජකාරි කරන සමෘද්ධි නිලධාරීන් ඇතුළු ඒ හරහා ආවරණය වන ජනතාව කැඳවා විශේෂ හමු පැවැත්වීම සැකසහිත බවය.
මන්ද පොදුජන පෙරමුණ එක් පසෙකින් පෞද්ගලික මාධ්‍ය යොදවා රටේ ජාතිවාදී කෝලාහලයක් වෙනුවෙන් මතය සකසන බවත් ඒ සමග ජනතාවට වඩාත් සමීප රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව එක්කොට ඊට භූමිය සකසන බවක් පෙනෙන්නට ඇති බවත් ය.