පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ.
ඌරුබොක්ක, කොටපොළ, කොස්මෝදර ආදී ප්‍රදේශවලට මිලිලීටර 100 ඉක්මවා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.මේ අතර මේ වනවිට අකුරැස්ස පානදුගම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවද වාර්තා වේ.ඒ, හේතුවෙන් සියඹලාගොඩ මාර්ගය ද ජලයෙන් යට වී තිබේ.
අද උදෑසන නිල්වලා ගඟේ පානදුගම ජල මාපකය සටහන්ව තිබුණේ මිලිමීටර 6ක් ලෙසටය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අද දිනයේත් නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශයන්ට වර්ෂාව පැවතුණහොත් ජල මට්ටම තවත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.
ඉදිරි දින කිපය තුල වැසි තත්වයේ වර්ධනයන් පිළිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය විසින් අනතුරු අගවා අැති පසුබිමක මෙම අවදානම් තත්වය තවත් වැඩිවි තිබේ.