
මේ විරෝධතාවයට එක්වෙමින් මුදල අමාත්‍ය මංගල සමරවිර මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව රැස් කරනා ඕනෑම මොහොතක මන්ත්‍රී 118ක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් සැදීමට තම පක්ෂය සුදානම් බවය.මේ අතර එදින 118 දෙනා අතරට නොපැමිණි අගමැති විපක්ෂනායක ජවිපෙ නායක ඇතුළු තවත් පිරිසක්ද සිටින බවත් ඒ සියළු දෙනාත් සමගින් අනිවාර්යෙන්ම 120කට වැඩි පිරිසක බහුතර බලයක් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙන බවද අවධාරණය කර සිටියේය.
