මාතර තිහගොඩ කපුදූව මහජන ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර සිදුවූ ගැටුමකින් එය නැරඹීමට පැමිණි 12 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංගීත සංදර්ශනය පැවැත්වෙන අතරතුර දී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් අතර ගැටුමක් හට ගැනුණා. සංගීත සංදර්ශනය නරඹමින් සිටි මෙම ශිෂ්‍යයා එම කෝළාහලය අතරතුරදී පිහි පහරක් වැදීමෙනුයි මිය ගොස් ඇත්තේ. ඔහු සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණ ඇත්තේ සිය පවුලේ සාමාජිකයින් සමඟයි. ගැටුමෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු ඊයේ (30) රාත්‍රියේදීම අත්අඩංගුවට ගැනීමට තිහගොඩ පොලීසියට හැකිවුණා.
Check Also
ගාලු මුවදොර යාචකයන් දකුණට …
ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව ...