
අන්තර්ජාලය හරහා මුදල් වංචා කල පුද්ගලයෙකු හබරාදුව අඟුලුගහ පොල්හේන ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් කටයුතු කර තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ක පුද්ගලයෙකු වන අතර මොහු විසින් විවිධ භාණ්ඩ ලබාදෙන බව පවසා අන්තර් ජාලයේ දැන්විම් පලකර මුදල් වංචා කර ඇත.
සැකකරු වයි.ෆයි.රවුටර් ලබාදෙන බව පවසා ඔහුගේ වෙබ් අඩවියේ දැන්විම් පලකර රුපියල් 14,280ක් වංචා කිරිම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගෙනඇත.