Home / News / සය හැවිරිදි දැරියක් දුම්රියට බිලි

සය හැවිරිදි දැරියක් දුම්රියට බිලි

child-1200x600කොස්ගොඩ, පියගම දුම්රිය නැවතුම්පොළ අසලදී දුම්රියේ ගැටීමෙන් පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වීෙම්  අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වෙයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෑගල්ල, පියගම, කොස්ගොඩ ලිපිනයේ පදිංචි පේයාහන්දි සිතුමි රුවින්සා ද සිල්වා නමැති සය හැවිරිදි දැරියකි.

මියගිය දැරිය තවත් දැරියක් සමග නිවෙසට අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා දුම්රිය මාර්ගය දිගේ නිවෙසට මදක් දුරින් පිහිටි කඩයක් වෙත යමින් සිටියදී කොළඹ, කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබිණි.

මියගිය දැරිය සමග ගමන් ගත් අනෙක් දැරිය දුම්රිය පැමිණෙනවාත් සමගම එම මාර්ගයෙන් ඉවතට පැන දිවි ගලවා ගෙන තිබිණි.

About freddy

Check Also

pro15-1

බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?

බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත්  ඇතැයි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *