දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ප්රදේශයේදී මාළු ලොරියක් පෙරලී යාමෙන් ඊයේ (24) සවස අනතුරක් සිදුව ඇත. මෙම අනතුරට හේතු වී ඇත්තේ අදාළ ලොරියේ පිටුපස රෝදයක් පිපිරී යාමයි.
අනතුරින් පසු ලොරියේ පටවා තිබූ මාළු තොගය මාර්ගය පුරා විසිරි තිබූ බවත්, ලොරි රථය කෙරවළපිටියේ සිට මාළු රැගෙන පයාගලට ධාවනය වෙමින් තිබූ බවත් අධිවේගී මාර්ග රථ වාහන පොලීසිය පවසයි.