එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා මෙරට පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 25 ට අධික මුදලක් වංචා කළ සැකකරුවෙකු මාතර වැලිගම දී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුවේ කදුරුවෙල ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා සම්බන්දයෙන් වැලිගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි 16ක් පමණ ලැබී ඇති බවද වාර්තා වෙයි.