අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් පෙරේදා (04) සවස විවෘත කිරීමෙන් පසු වලවේ ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයේ ගං ඉවුරේ පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ.
මෙම වාන් දොරටු හරහා වලවේ ගඟට තත්ත්පරයට ඝන අඩි 11,700 ක් පමණ ජලයක් මුදා හැරීම සිදු විය.