වී වගාව ආරම්භ කිරීමට පෙර වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ ගොවීහු පිරිසක් සමග මාලිම්බඩ ඕගස්පේ වෙල්යායේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ. ඔවුන් කියා සිටින්නේ විශේෂයෙන් වගාව ආරම්භ කර අවශ්‍ය පොහොර නොමැති වුවහොත් තමන්ට විශාල පාඩුයක් විදීමට සිදුවනු ඇති බවයි.