ආණ්ඩුව විසින් සිසුන්ගේ සෞඛ්යාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය මූලික විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් තොරව පාසල් විවෘත කිරීම නිසා මේ වන විට පාසල් සිසුන්ට කොරෝනා ආසාදනය වීමේ බරපතළ තර්ජනයට මුහුණ දී සිටීන බව ලංකාටෲත් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ
මේ වන විට පාසල් සිසුන් 70ක් කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන ඇති අතර එයින් 43 දෙනෙකුම ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ
එම ආසාදිතයින් 43 දෙනා ගාල්ල දිස්ත්‍රීක්කයේ පාසල් 26කට අයත් සිසුන් වන අතර මේ තත්වයත් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ, අධ්‍යාපන හා දේශපාලන බලධාරීන් යොමු නොවුනහොත් ඉදිරියේදී පාසල් හරහා කොරෝනා පොකුරු නිර්මාණය වීමේ අවදානමක් දැනටමත් මතුවෙමින් තිබේ