ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගීවන ජන රැලි මාලාවේ තවත් අධියරක් ඊයේ(14) මාතර – අකුරැස්සේ දී පැවැත්විණි.
මෙහිදී අනුර කුමාර දිසානායක මහතාට රැස්වි සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
මෙම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතනපාල හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී ආචාර්ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සිවිල් සමාජ ක්රියාකාරිකයන්, උගතුන් හා වෘත්තිකයන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ක්රියාකාරිකයන් රැසක් එක්ව සිටිය හ.