හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කරනු ලදුව, ශ්වසන ආධාරක සවිකර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත සහ ඡායාරූප වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව වාර්ථා වෙයි.
ඊයේ (10) දිනයේ මහරගම ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට ඒ මහතා සහභාගී නොවීම පාදක කොට ගෙන මෙම පුවත නිර්මාණය වී ඇති බවට තොරතුරු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙන අතර ඒ මහතා සුපුරුසු සුවයෙන් සිය දේශපාලන කටයතු වල හා සිය වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂගේ විවාහයේ කටයුතු සදහා සූදානම් වෙමින් සිටින බව ආරංචිමාර්ග සදහන් කරයි.
සාමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වන ඡායාරූපය පහලින්.