මාතර නගරයේ පාසැල් වෑන් රථ රියදුරන් දැනවත් කිරිමේ වැඩසටහන් අතර තුරදි පරික්ෂාවට ලක්කෙරුණ වෑන් රථයක වීදුරු කලු පැහැයෙන් ටින්ටඩ් කර ඇතුලත නොපෙනන ආකාරයට සකස් කිරීම, අමතර නලා අටක් සවි කර තිබීම හා විවිධ ආලෝක ලාම්පු සවි කර තිබිම පරික්ෂාවට ලක් කර තිබේ.
මේ සම්බන්ධනේ පාසැල් වෑන් රථය සහ රියදුරෙකු මාතර මෝටර් රථ පරීක්ෂක නිලධාරීන්ට ඉදිරිපත් කළ අතර එහිදී වෑන් රථය ධාවනය තහනම් කරමින් දින 14 ක් දක්වා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
එමෙන්ම පාසැල් වෑන් රථවල රියදුරන්ගේ විනය පිළිබදව රියදුරු සංගමයට ලිඛිතවම දැනුවත් කිරිමට පියවර ගන්නා බවද පොලිසිය සදහන් කර තිබේ.
Check Also
බලපිටියෙන් හමුවුනේ මාලදිවයිනේ බෝට්ටුවක්ද ?
බලපිටිය හරස් පල මුහුදු තීරයේ පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවක් ධීවරයන් විසින් ගොඩබිමට රැගෙන විත් ඇතැයි ...