Home / News / විශ්වාසයෙන් තොර වාර්තාකරණය නිසා සාම්ප්‍රදායික මධ්‍යවේදියා පිළිබඳ ජනතා විශ්වාසය නැති වෙමින් යනවා

විශ්වාසයෙන් තොර වාර්තාකරණය නිසා සාම්ප්‍රදායික මධ්‍යවේදියා පිළිබඳ ජනතා විශ්වාසය නැති වෙමින් යනවා

mt 11mt 3සාම්ප්‍රදායික මාධ්‍යවේදියා විශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම හේතුවෙන් අද වන විට සාම්ප්‍රදායික මාධ්‍යවේදියා පිළිබඳව ජනතා විශ්වාසය නැති වෙමින් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. mt 2
අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුව අමතමිනි. එම වැඩමුළුව අද (19) මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැත්විණි.mt 7mt 5mt 6
“ඉස්සර පුවත්පත්වල කුමන වාර්තා පළ කළත් ඒකට පදනමක් තිබුණ. දැන් එහෙම නෙවෙයි, මාධ්‍යවේදියාගේ, විවිධ පුද්ගලයන්ගේ සහ දේශපාලනඥයන්ගේ වුවමනාවට පුවත් නිෂ්පාදනය කරනවා. නමුත් මේ නවීන සමාජය තුළ මේ බොරු පුවත්වලට ඉස්සරහට යන්න බෑ. ඒව ඔප්පු වෙනවා. ඒ එක්කම ජනමාධ්‍ය පිළිබද තියෙන විශ්වාසය නැති වෙලා යනවා. අද හැමෝම අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ හැම කෙනෙක් ම වාර්තාකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා වාරණය කියන දේ අදට වලංගු නෑ” යනුවෙන් ද කීය.
“2017 අවුරුද්දෙ අමෙරිකාවෙ සමීක්ෂණයක් කළා වෘත්තීන්වල විශ්වසනීයභාවය ගැන. ඒ ලැයිස්තුවේ අවසන් ම ස්ථාන හිමි වෙලා තිබුණෙ මාධ්‍යවේදීන්ට සහ දේශපාලඥයන්ටයි. ඒ කියන්නෙ අපි දෙගොල්ලොම එකම බෝට්ටුවෙ. දේශපාලනඥයාට එහෙම වුණේ ඇයි කියන කාරණාව මම කියන්න යන්නෙ නෑ”.
“ප්‍රංශයේ නව ආණ්ඩුව කතාබහක් ඇති කරගෙන යනවා මේ බොරු පුවත් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන. ඒ කියන්නෙ එහෙම කතාබහක් ලෝකය තුළ ඇති වෙමින් තියෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්න වාරණය සහ නීතිවලින් පමණක් බැහැ. අපි කළ යුත්තේ ගෝත්‍රික අදහස් බැහැර කළ නව පරපුරක් නිර්මාණය කිරීමයි”.
“ගූගල් සමාගම කියනවා සෙක්ස් කියන වචනය වැඩිම සර්ච් කරන්නෙ ශ්‍රී ලංකාවෙන් කියල. නිල් චිත්‍රපට වෙබ් අඩවි බලන වැඩි ම පිරිස අද ඉන්නෙ මැදපෙරදිග රටවල. තහංචි දාගෙන හිරකරගෙන ඉන්න තරමට මේ වගේ දේවල්වලට පෙළඹෙන එක වැඩි වෙනවා. විවෘත සමාජවල මේ තත්ත්වයන් නැහැ. ඒ නිසා ගුරුවරුන් විදියට ඔබට ලොකු වගකීමක් තියෙනවා දරුවන් මේ සඳහා පෙළගැස්වීම සිදු කිරීමට යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
mt 11මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්ධුල, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරු  ද එක්ව සිටියහ.
news.lk

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *