Home / News / මාතර එලිය කන්ද නාය යයි ! වෙරළ පාර වසා දැමේ !

මාතර එලිය කන්ද නාය යයි ! වෙරළ පාර වසා දැමේ !

එලියකන්ද 1එලියකන්ද 2

මාතර බ්‍රවුන්හීල් ප්‍රදේශයේ පිහිටි එලියකන්ද අද(01) උදෑසන හදීසියේ නාය යාමට පටන් ගැනීම නිසා මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ වෙරල පාර කොටස වසා දැමීමට පොලීසිය ක්‍රියා කරන ලදි.

මේ නිසා මාතර සිට කතරගම දෙසට ධාවනය වන රථ වාහන මාතර මැද්දවත්ත ඔස්සේ ධාවනය කරවීමට කටයුතු කල බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අද (01) උදෑසන 9.30 පමණ එක්වරම එම කන්ද නාය යාමට පටන් ගත් අතර කන්දේ තිබු පොල් ගස් ඇතුළු විශාල ගස් ද මුලින් උදුරා පාරට ඇද වැටී තිබුණි.

එම අවස්ථාවේ දී රථ වාහන ද පාරේ ගමන් කරමින් තිබු අතර කිසිවකුට හෝ හානියක් සිදු වී ඇත්ද යන්න මේ වන තෙක් හෙලි වී නොමැත.

කෙසේ වෙතත් මාතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග එම කන්ද තව දුරටත් නාය යාමේ ලක්ෂණ පෙන්නුම් කර තිබුණි.

මාර්ග සංවර්ධන නිලධාරින් හා පොලීසිය එක්ව බැකෝ යන්ත්‍ර යොදා ගෙන දැඩි වර්ෂාව මැද පාර මැද තිබු පස් හා ගස් ඉවත් කිරීමට උත්සාහ කරන අයුරු දැක ගත හැකි විය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය පරික්ෂා කිරීමට පැමිණීමට නියමිතව තිබුණේය.
matata hot news

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *