Home / News / ගිංගඟ පිටාර ගලයි !

ගිංගඟ පිටාර ගලයි !

1512015183_1834191_hirunews_Floodedගිංගඟ පිටාර ගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 බලපෑම් එල්ලවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය.
නෙළුව ,තවලම ,නාගොඩ,යක්කලමුල්ල,බද්දේගම වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රදේශ රැසක ජලයෙන් යටවී තිබේ.
ගංවතුර තත්වය වර්ධනය වුවහොත් ඊට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇතිබව පැවසීය.
ගිංගඟ පිටාර ගැලීම නිසා බද්දේගම උනන්විටිය නාගොඩ හරහා කුරුපනාව උඩුගම ප්‍රධාන මාර්ගයේ උනන්විටිය,කැප්පිටියාගොඩ සහ කුරුපනාව යන ස්ථාන වලින් ජලයෙන් යටවී ඇතිබව පැවසීය.
නාගොඩ , යක්කලමුල්ල ,බද්දේගම සහ වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් සහ අතුරු මාර්ග ජලයෙන් යටවී ඇතිබව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
පවතින තත්වය අනුව මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනා ගමන කටයුතු සඳහා බදා මතුවී ඇතිබව පැවසීය.
බෙන්තර ගඟේ සහ මාදු ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවති.
ගඟ දෙපස ජනතාව ගඟෙහි ජල මට්ටම පිළිබඳව වඩාත් අවධානයෙන් සිටිය යුතුබව පැවසීය.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *