Home / Editor's Choice / සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුමක් !

සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුමක් !

සිරකරුවන්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර දඬුවම් පමුණුවනු ලැබ ඇති තැනැත්තන් හුවමාරුකර ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමක් සඳහා අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් පසුගියදා අත්සන් කෙරිණ.
.
මෙම ගිවිසුම සදහා ඉරාන ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍ය ඇලි රාසා අවායි මහතා එරටදී අත්සන් තබා ඇති අතර , අතුකෝරාල මහත්මිය විසින් ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohamed Zari Amirani මහතා හා ඇමැතිනිය අතර ගිවිසුම හුවමාරු කිරීම සිදු විය.
.
සිරකරුවන් හුවමාරු කිරීමේ මෙම ගිවිසුම යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර එම සිරකරුවා ලැබු දඬුවම ඒ ආකාරයෙන්ම තම මව් රට තුළ බන්ධනාගාරවලදි විඳීමට සිදු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
.
මෙම සිරකරුවන් හුවමාරුකිරීමේ ගිවිසුම 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ අත්සන් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
.
ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ,ඉරාන නියෝජ්‍ය තානාපති Mohomed Reza ahamadi ,විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශයේ විධායක සහකාර මීනා පීරිස් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

About meepura

Check Also

Tali-2020.10.31

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආ ගිය ටෙලිනාට්‍ය සමීක්ෂකයින් නිරෝධායනයට!

පසුගිය දිනවල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බාහිරින් පැමිණි ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනකුට පමණ තම තමන්ගේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *