Home / Interviews / කට්ට කාලයි මෙතනට ආවේ අපට මෙහෙම කරන්න එපා සිඳූ ටෙලියේ රෙජී – සමන්ත ගමගේ කනගාටුවෙන් කියයි

කට්ට කාලයි මෙතනට ආවේ අපට මෙහෙම කරන්න එපා සිඳූ ටෙලියේ රෙජී – සමන්ත ගමගේ කනගාටුවෙන් කියයි

 171026-saman-1

රංගන ශිල්පියකු ලෙස අප ඔහුව හැඳීන්වුවත්, ඔහු පවසන්නේ තවමත් ඔහු රංගන ශිල්පියකු වන්නට උත්සාහ කරන බවකි. හේ රංගන ශිල්පී සමන්ත ගමගේයි. පසුගිය දිනෙක ඔහු නාවලදී රිය අනතුරකට මුහුණ පෑවේ ය. ඒ රිය අනතුර පිළිබඳ මුහුණු පොතේත්, විවිධ සමාජ ජාලා ඔස්සේත් විවිධ කටකතා පැතිරිණි. මේ ඇතිවුණු තත්ත්වය මත ඔහු පිළිබඳ බොහෝ වැරැදි තොරතුරු සමාජ ජාලායට මුසුවීම නිසාත්, විවිධ මඩ ගැසීම් සිදුවීම නිසාත් ඔහුට පත්වීමට සිදුවූයේ නොසිතූවිරූ අකරතැබ්බකට ය. ඔහුට සිදුවූ මේ අනතුරේ නිවැරැදි තත්ත්වය පිළිබඳ දැන ගැනීමටත්, සමාජ ජාලා ඔස්සේ ගිය කතාවලට පිළිතුරක් සැපයීමටත් සිතාගෙන අපි ඔහුව පසුගිය දිනෙක මුණ ගැසුණෙමු.

* මේ සිදුවුණා යැයි කියන රිය අනතුර මොකක්ද?

මේ මාසේ 12 වැනිදා මා පුතාව පාසලට ඇතුළත් කළා. ඉන්පසුව මා සූදානම් වූයේ මගේ අලුත්ම තිරපිටපත වුණු ‘අන්දර යාය’ ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළට සහභාගි වන්නයි. එය පැවැත්වුණේ නුගෝගොඩ සංහිඳ ස්ථානයේ. එහි පිවිසෙන්න එනවිට හරියට ම නාවල පාරට දමද්දිදයි මේ අනතුර සිදුවුණේ. ඒ කියන්නේ හරියට ම විවෘත විශ්වවිද්‍යාල‍ය අසලදි. එහිදි සිදුවුණේ මා දාපු වාහනයට සමගාමීව පැමිණි අනෙක් වාහනයේ, මගේ වාහනයේ එක් පැත්තක් ඒ වාහනයේ බපර් එකේ යන්නමට ගෑවීමයි. ඒ අවස්ථාවේදී ඔහු බැහැලා පැවසුවේ ඔහුගේ බපර් එක හදලා දෙන්න කියලයි. එවිට මා පැවසුවේ ඔහු කියන ගැරේජ් එකකට දමලා හදලා දෙන්නම් යනුවෙන්. ඒ වනවිටත් එතැන වාහන තදබදයක් ඇතිවෙලා තිබුණ නිසයි මා වාහනය ඉදිරියට ගත්තේ. ඒත් එක්කම වගේ එතැන සිටි ට්‍රැෆික් නිලධාරියකු එහි ආවා. එතැනදි ඔහු අප දෙදෙනාත් සමඟ ම කතාබහ කළා. එහිදි ඒ නිලධාරියා පැවසුවේ ඔහු සමතයකට පත්වෙන්නේ නැති නිසා පොලිසියට පැමිණෙන්න කියලයි. ඒත් එක්කම වගේ අපේ රියැදුරු බලපත්‍ර දෙකත් ඔහු ගත්තා.

* ඊළඟට සිදුවුණේ කුමක්ද?

ඒත් එක්කම මා පොලිස් නිලධාරියාට පැවසුවේ තව විනාඩි කිහිපයකින් නැකැතට ආරම්භ කරන මුහුරත් උලෙළ පිළිබඳයි. ඒ මුහුරත් උලෙළ සහභාගි වී කිරීමට තිබෙන කතාව කිරීමෙන් පසුව පැයක් ඇතුළත පොලිස් ස්ථානයට පිවිසෙන බවත් මා ඔහුට දැන්වූයේ ඒ අවස්ථාවේදියි. ඒ අනුව මා ඒ කටයුතු අවසන් කිරීමෙන් පසුව පොලිසියට ගියා. එහෙත් එහිදිත් වාහනය හැප්පුණු අදාළ පුද්ගලයා කිසිදු එකඟතාවකට පැමිණියේ නැහැ. ඔහු පවසන්නේ ම වාහනයට බපර් එකක් දැමිය යුතු බවයි. ඒ අවස්ථාවේ සිටි ඕනෑම කෙනෙකුට පෙනෙන කාරණයක් නම් බපර් එකක් දමන්නට තරම් ලොකු අනතුරක් එතැන වුණේ නැහැ යන්නයි. ඒ බව ඔහු ගත්ත පින්තූරවලින්ම පෙනන කාරණයක්. එහිදි සමතයකට පත්වුණේ නැති නිසා පොලිසියෙන් පැවසුවේ නඩුමඟට බහින්න කියලයි. ඒ අනුව 20 වැනිදා නඩුව විසඳුවා. ඒ ප්‍රශ්නය එතැනින් විසඳුණා.

* මේ සිදුවීම සමාජජාලයට දැම්මේ කවුද?

මේ අතර කවුරු හෝ යම් ජනප්‍රියතාවක් ලබන්න හෝ මට අපවාද කිරීමේ අදහසින් හෝ මුහුණු පොතේ සහ ගොසිප් සයිට් ඔස්සේ විවිධ දේ ප්‍රචාරය කළා. ඒ පුළුවන් තරම් මගේ නාමයට හානිවන ලෙස, බොහොම නින්දිත විදියටයි ඔහු ඒ ප්‍රචාරය කරගෙන ගියේ. ගොසිප් සයිට් එක කරන සහෘදයනුත් දැන ගන්න ඕන යම් දෙයක් සිදුවුණා කියමින් යම් ප්‍රවෘත්තියක් හෝ යම් දෙයක් දමන විට ඒ ගැන දෙපාර්ශවයෙන්ම විමසීමට. මොකද මුහුණු පොත කියන්නේ ඕනෑම කුණුගොඩක් දමන්න පුළුවන් තැනක්. ඒ නිසා ඒ දැම්ම දෙයක් ගැන එක්පාර්ශවයකට විතරක් ගැන සිතන්නේ නැතිව මගේ පැත්තෙනුත් අහලා ඒ සිදුවීම දැම්මා නම් බොහොම වැදගත් බවයි මා පවසන්නේ. පසුව ඔවුන් ඒ කාරණය නිවැරැදි කිරීමට මගෙනුත් කටඋත්තරයක් ගත්තා. එය ඔවුන් නිවැරැදි කරලත් තිබුණා. ඒත් ඒ වනවිට මට වෙන්න ඕන හානිය සිදුවෙලා අවසනායි.

* ඇත්තටම ඔබට ඒ සිදුවුණු හානිය ලෙහෙසි පහසු දෙයක් නොවෙයි?

මේ ප්‍රශ්නය කතා කරලා විසඳ ගන්න තිබුණ දෙයක්. අනෙක් කාරණය නම් මේ සිදුවුණු අනතුර අපේ රටේ සිදුවුණු පළමු වැනි අනතුර නොවෙයි. සාමාන්‍යයෙන් අපේ අය උත්සාහ කරන්නේ එක්කෝ ඇමති කෙනෙකුට නැත්නම් ප්‍රසිද්ධ කෙනෙකුට මම බැන්න කියලා පොරක් වීමටයි. එවැනි අලුත්ම තත්ත්වයකුයි අද අපේ රටේ නිර්මාණය වී තිබෙන්නේ. අනෙක් කාරණය නම් අපේ රටේ වෙබ් සයිට් බලාගෙන ඉන්නේ අපේ ප්‍රසිද්ධ කෙනෙකුට අධෝවාතයක් ගියත් බෝම්බයක් කරලා ගහන සමාජ රටාවක් නේ තිබෙන්නේ. වෙබ් සයිට්වලට මා වරදක් කියන්නේ නැහැ. ඔවුන් බලන්නේ කාගේ හරි මොකක් හරි කුණු ගොඩක් දමලා මුදල් උපයන්නයි.

* මේ ප්‍රශ්නය ගැන සමාජජාලා වෙඩ් අඩවිවල ගියාට පසුව ඔබගේ හිතමිතුරන් ඔබට දැක්වූයේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

මේ සිදුවීමත් සමඟ ඇත්තටම මගේ සිතට දැනුණේ පුදුම කළකිරීමක්. ඒත් මාව දන්න, මාත් සමඟ කතාබහ කරලා තිබෙන, මා ගැන අහලා තිබෙන හුඟක් අය මේ ප්‍රශ්නයේදි මට කතා කළා. ඔවුන් පැවසුවේ ඕවා ගණන් එපා කියලයි. මේ සිදුවීම සිදුවුණු අනෙක් පුද්ගලයාගේ මුහුණුපොතේ සිටි අයත් මට කතා කරලා විමසුවේ අයියා ගැන අපි අහලා තිබෙනවා මොකක් ද වුණේ යනුවෙන්. මේ සිදුවීමේදි සමහරු මට තර්ජනය කරලා, අසැබි වචන කියමින් දුරකථන ඇමතුම් දුන්නා. ඒ ගැන මා පොලිසිය දැනුවත් කරලයි තිබෙන්නේ. අපේ ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකුම මට කතා කරලා මේ ගැන විමසුවා. පසුගිය දිනකදි ස්වාධීන රූපවාහිනියේදි මුණගැසුණු ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්තයා පවා මට පැවසුවේ “අපි දන්නවා උඹ ගැන. ඔය වගේ දේවල් ගණන් ගන්න එපා” කියලයි. අපේ ක්ෂේත්‍රයේ අය මා ගැන අහිතක් සිතුවේ නැහැ. ඔවුන්ගේ දිරිමත් කිරීමත් මට ධෛර්යක්.

* මෙවැනි මඩ ප්‍රචාරයක් යන වග ඔබ දැනගත්තේ කාගෙන්ද?

මම සේවය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ. ඔය මඩ ප්‍රචාරය යන දවසේ එහි දේශනයක් සඳහා පොළොන්නරුවේ මැදිරිගිරිය ජාතික පාසලට ගිහිනුයි සිටියේ. ඒ අතර කාලයේ බොහෝදෙනෙකුගෙන් දුරකථන ඇමතුම් ඇවිත් තිබුණා. ඒ වැඩේ අතරතුර ඒ කිසිම දුරකථන ඇමතුමකට පිළිතුර දෙන්න ගියේ නැහැ. ඒ කටයුත්ත අවසාන වුණ ගමන්ම පැමිණි දුරකථන ඇමතුමට මා පිළිතුරු බැන්ඳා. ඒ වෙලාවේ හිතවත් අක්කා කෙනෙකු තමයි මුහුණු පොතේ යන මඩ ප්‍රචාරය ගැන පැවසුවේ. එවිටයි මා මේ ගැන දැනුවත් වුණේ. ඒ වනවිටත් මේ ප්‍රශ්නය බොහෝදුර ගිහින් තිබුණා.

* ඒ ප්‍රචාරයට ඔබ ප්‍රතිචාර දැක්වූයේ කුමන විදියටද?

මේ මඩ ප්‍රචාරයට මා මොනවත් කියන්න ගියේ නැහැ. මා ඉස්සලේලාම කළේ මගේ සහෘදයන්ට දැන ගැනීම පිණිස ඇත්ත සිදුවීම ගැන විස්තරයකින් දැන්වීමයි. මේ නිසා මගේ රසික රසිකාවන්ට පවසන්නේ ඔය කියන පුද්ගලයා කියන සියලු දේ බොරු බවයි.

* එහිදි ඒ සිදුවීමට අදාළව කිසිවකු ඔබ නළුවකු දැයි යන්නත් ප්‍රශ්නයක් නඟා තිබුණා?

ඒ ඔහු පුන පුනා කියූ කාරණයක්. මේ නාට්‍ය එකක, දෙකක රඟපෑව පමණින් මූ නළුවකුද කියලත් අහලා තිබුණු බව මට මතකයි. ඇත්තටම මම ලොකු නළුවකු නොවෙයි. ඒත් මා අවුරුදු ගණනක් නාට්‍යකරණය විෂය හදාරලා, වැඩමුළු කරලා, ඊට පරිබාහිරව ඒ ක්ෂේත්‍රයට තිබෙන කැමරාකරණය, වැඩසටහන් අධ්‍යක්ෂණය ගැන පාඨමාලා කරලා බොහොම කට්ටත් කාලයි මෙතැනට පැමිණියේ. ජීවිතයේ පැමිණි අනේක දුෂ්කරකම් විඳලා, කැපවීම් රැසක් කරලයි මෙතැනට පැමිණියේ. වේදිකා නාට්‍යවල රඟපාලා, වීදි නාට්‍යවල රඟපාලා, තිරරචනා ලියලා මේ වගේ ගොඩක් දේවල් කරලයි මෙතැනට පැමිණියේ. එහෙම නැතුව මා එකපාරටම පාත්වුණු නළුවකු නොවෙයි. මා බොහොම කැපවීම කළ රංගන ශිල්පියෙක්. තිරපිටපත් රචකයෙක්. වේදිකා නාට්‍යකරුවෙක්. වීදි නාට්‍යකරුවෙක්. ඔය කියන විදියට මා තරුවක් නොවෙයි. ඒක ඇත්තක්. ඒ නිසා මා පවසන්නේ ඒ තරම් මහන්සියෙන් මා ලබාගත්ත දෙයට අපහාස කරන්න එපා ය යන්නයි.

* සමහරු මේ සිදුවීම අල්ලාගෙන විවිධ දේ කරන්නේ ඇයි?

ඇත්තටම මා උසාවියේදි මගේ වරද පිළි ගත්තා. එහිදි මට දඩයක් ගෙන්නට සිදුවුණා. ඒ සියලු කටයුතු රාජකාරී මට්ටමින් කර අවසානයි. එහෙම වෙලත් මේ දේවල් දිගටම අරගෙන යෑම කනගාටුවට කාරණයක්. මෙතනදි මට සිතෙන්නේ එක්කෝ මේ මඩගහන තැනැත්තා ප්‍රසිද්ධ පුද්ගලයකුට මඩ ගැහුවා කියමින් පොරක් වෙන්න උත්සාහ කරනවා. සමහරුන්ට අපේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් සමඟ ඒ කියන්නේ දේශපාලනඥයන්, ගායකයන්, නළුවන් වගේ අයත් සමඟ තරහක් තිබෙන අය ඉන්නවා. ඔහුත් ඒ වගේ කෙනෙකු වෙන්න ඇතැයි කියලයි මට සිතන්න තිබෙන්නේ. ඒ නිසා වෙන්න ඇති ඔහු මෙවැනි දෙයක් කරන්නේ.

Save

Save

Save

About meepura

Check Also

Mangala-Samaraweera-07

ඔබ දැන් සජිත්වාදියෙක්ද?

“සජිත් ප්‍රේමදාස එක්ක මගේ ප්‍රශ්න ගොඩක් තිබුණා.නමුත් රජය පිහිටුවායින් පසුව එතුමා ඇත්තෙන්ම “පුදුම වැඩකාරයෙක් බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *