Home / News / තනිවම ඉපිද, තනිවම ජිවත්ව ,තනිවම මිය යයි.

තනිවම ඉපිද, තනිවම ජිවත්ව ,තනිවම මිය යයි.

වැලිගම,සුල්තාණාගොඩ ප්‍රදේශයේ නිවසක තිබි මිය ගිය පිරිමි පුද්ගලයකූගේ මළ සිරුරක් අද (22) උදැසන වැලිගම පොලිසිය විසින් සොයා ගෙන තිෙබි.

මෙලෙස මිය ගොස් ඇත්තේ සුල්තාණාගොඩ,ලියනගේවත්ත ප්‍රදේශයෙ පදිංචිව සිටි හැට හැවිරිදි මානගේ ප්‍රේමදාස නැමති අවිවාහක පුද්ගලයෙකි.ඔහු තනිවම මෙම නිවසේ ජීවත්ව සිට ඇති අතර ඊයේ (21) රාතී්‍ර ඔහු හා අසල්වාසි පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින විමක් සිදුව ඇති අතර එය දුර දිග ගොස් අසල්වාසි පුද්ගලයින් දෙදෙනා මෙම පුද්ගලයාට පොල්ලකින් හා විසි කැත්තකින් පහර දි ඇතැයි වැලිගම පොලීසිය ප්‍රකාශ කරයි.

අද (22) උදැසන මිය ගිය පුද්ගලයාගේ සහෝදරයකු පැමින බැලිෙමිදි නිවසේ සාලයේ වැටි සිටින දැක ඇත්තේ.අනතුරුව ඔහු විසින් ෙමි පිළිබසව වැලිගම පොලිසියට දැනුම් දි ඇත.

සිද්ධිය වු ස්ථානයට අද (22) දහවල් පැමිණි මාතර වැඩ බලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ මහතා විසින් සිද්ධිය වු ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වු අතර සිරුර වැඩි දුර පරීක්ෂණ සදහා මාතර මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරනා ලෙස නියෝග කලේය.

මෙම පහර දිමට සම්බන්ධ එක් පුද්ගලයකු අද දහවල් වැලිගම පොලීසියට බාර වි ඇති අතර අනෙක් පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

117 copy IMG_20160322_133027 IMG_20160322_135001 IMG_20160322_135105

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *