Home / Stories / නිති විරෝධි දැව තොගයක් ප්‍රවාහනය කළ බස් රථයක් අත්අඩංගුවට ?

නිති විරෝධි දැව තොගයක් ප්‍රවාහනය කළ බස් රථයක් අත්අඩංගුවට ?

matara bus1හොර වැඩ කිරිම සදහා උපන් හපන්කම් ඇති අය ඒ සදහා විවිධ උපක්‍රම භාවිතා කරති.සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ හොර දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් අත්අඩංගුවට ගෙන ඇතැයි වැනි පුවත්ය.
එහෙත් පසුගිය දිනක Journalist in Matara FB පිටුව විසින් වාර්ථා කර තිබුනේ දැව ප්‍රවාහනය සදහා බස් රථයක් උපයෝගි කර ගත් බව කියන අපූරු පුවතකි.
මෙහි උත්ප්‍රාසය නම් ඒ බස් රථයේ තේමා පාඨය “ අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා “ යැයි එහි සදහන්ව තිබිමයි.matara bus 3
දක්ෂිණ අධීවේගි මාර්ගය භාවිතා කරමින් බල පත්‍ර නොමැතිව නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබු ඉරන ලද තෙක්ක දැව තොගය අත් අඩගුවට ගැනීමට අධීවේගි මාර්ග සංචාරක පොලිස් ඒකකය සමත් ව තිබුණි.
බස් රථයක දැව ප්‍රවාහනය කිරීමේ සූදානමක් පිළිබඳව ලැබුණ තොරතුරකට අනුව අද උදැසන ගොඩගම පිවිසුමේ දි මගීන් ද රහිතව සැක කටයුතු අයුරින් පැමිනි මෙම බස් රථය පරීක්ෂා කිරිමේ දි බස් රථයේ ආසන යට සගවා තිබු මෙම දැව තොගය සොයා ගැනීමට පොලිසියට හැකි ව තිබේ.
.ඉරන ලද තෙක්ක ලෑලි 214 ක් සහ උළුවහු කඳන් 32ක් එහි තිබූ බවයි පොලීසිය පවසන බව Journalist in Matara FB විසින් හෙළිදරව් කර සිටි.matara bus 7
කටුවන ප්‍රදේශයේ සිට මෙම ලී රැගෙන එමින් තිබු අතර මේ සම්න්ධයෙන් බස් රථයේ රියදුරු සහා රිය සහයක අත් අඩංගුවට ගෙන ඇත.මෙම බස් රථය මිද්දේණිය – කටුවන අතර මගී ප්‍රවාහන සිදු කරනා බව සැකකරුවන් පැවසුවද මගීන් ප්‍රවාහනය කරනා බවට සනාථ කළ හැකි කිසිදු දේයක් එහි නොතිබු බවද  පොලිසීය වැඩි දුරටත් කියා සිටි
ඡයා සහ තොරතුරු මුලාශ්‍ර- Journalist in Matara මුහුණු පොතෙනි

About meepura

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *