Home / News / හෙරොයින් ජවාරමෙි නියුතුව සිටි 2 කු මාතර දි අත් අඩංගුවට

හෙරොයින් ජවාරමෙි නියුතුව සිටි 2 කු මාතර දි අත් අඩංගුවට

(අරුණ කැලුමි බෝධිමාන)
අද (10) සවස මාතර ගන්දර ප්‍රදේශයේ සිදු කළ වැටළීමක දි නීති විරෝධි මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් ජවාරමෙි නියුතු වු පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට මාතර කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින්ට හැකි වී තිබෙි.පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් වෙස් වලා ගෙන ගොස් සිදු කළ මෙම වැටලීමෙිදි ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි එක් සැකකරැවකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබි හෙරොයින් ග්රැමි 5 යි මිලි ග්රැමි 200 ක් තිබි සොයා ගෙන ඇත.ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිමෙිදි ගන්දර ප්‍රදේශයේම හෙරොයින් අලෙවි කරමින් සිටි තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී ඇති අතර ඔහු සන්තකයේ තිබි හෙරොයින් මිලි ග්රැමි 100 ක් සොයා ගැනිමට හැකිව තිබෙි.ez-cash ක්‍රමයට මෙම ජවාරම කලක් තිස්සේ සිදු කර ගෙන ගොස් තිබු අතර සැකකරැවන් සන්තකයේ තිබි ජංගම දුරකථන 6 ක්,මුදල්,හෙරොයින් වල බර කිරිමට යොදා ගන්නා තරාදියක්,හෙරොයින් ඇසිරිමට ගන්න සිලි බැග් හා හෙරොයින් ප්‍රවාහනටය යොදා ගත් ත්‍රී රෝද රථයද අත් අඩංගුවට ගෙන තිබෙි.මෙම ත්‍රී රෝද රථයේ “අපේ නිවස මතින් තොරයි හිතේ සතුට උතුරා යයි.” යන පඨය සහිත ස්ටිකරයක් ද අලවා තිබිම විශේෂත්වයකි.මෙහි ප්‍රධාන සැකකරු මාතර මැද්දවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙකා තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙයි.සැකකරුවන් හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.මාතර පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්නු ලබයි.

IMG_2198 copy IMG_2199 copy IMG_2201 copy

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *