(කැලුමි බෝධිමාන)
කලක් තිස්සේ නීති විරෝධිව පවත්වා ගෙන ගිය දුම්වැටි නිෂ්පාදනාගාරයක් හා ඒවා විකිණු ස්ථානයක් හක්මණ,හෙට්ටියාවල ප්‍රදේශයෙන් ඊයේ (20) සොයා ගැනිමට හක්මණ පොලිසියට හැකි වී ඇත. ඉතා රහසිගතව මේ ජාවාරම සිදු කර ගෙන ගොස් ඇත.මෙහි තිබි අලෙවි කිරිම සදහා නිෂ්පාදනය කරමින් තිබු දුමි වැටි 780ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර දුම් කොළ ඇතුළු අමුද්‍රව්‍ය ද සොයා ගෙන ඇත.පාසල් ළමුන් ඉලක්ක කර ගෙන දුමි වැටි අලෙවි කරන ස්ථානයක් පිළිබදව පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව කරනු ලැබු වැටලිමට අනුව මේ භාණ්ඩ සොයා ගැනීමට හැකි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයක් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වයි.
Check Also
පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !
ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...