Home / Ruhuna Heritage / දී කිරි ගැන ඔබ නොදත් දේ….

දී කිරි ගැන ඔබ නොදත් දේ….

 

 

1-දිකිරි පොල් ගෙඩියේ මැදි කොටස copy

(කැලුම් බෝධිමාන)
වැලිගම ,දෙණිපිටිය නම ඇසු පමණින් අපට මතකටය නැගෙන්නේ ලංකවේ සුප්‍රකට කිවිදියක් වු ගජමන්නෝනාගේ දෙණිපිටිය නුග රැක වැනුමයි.එහෙත් අපි මේ කියන්නේ කිවියක් ගැන නම් නොව ලංකාවේ ඇති පොල් ගෙඩිවල විශේෂිත ගුණයක් සම්බන්ධවය. ඔබ දී කිරි පොල් ගැන අසා නැතිවා ඇති එහෙත් ලුෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්යපයේ “දී කිරි දී කිරි ගෙනාව දී කිරි මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි “ ඇත්තෙන්ම ඒ ගීතය නම් ඔබට මතකයේ රැදෙනවා ඇත. එසේ නම් මේ අපි කියන්න යන්නේ ලංකාවේ දී කිරි පොල් ඇති එකම ගම්මානය දෙනිපිටියටයි.

6-අයි.පි.ඒ

දෙනිපිටියේ පදිංචි අයි.පි.ඒ.ඇටිමන් මහතා දීකිරි පොල් හඳුනා ගැනීමට ඉතා දක්ෂයෙකි. ඒ කාලාන්තරයක් තිස්සේම පවතින අත්දැකීම් නිසාය. ඒ පිළිබඳව ඔහු ප්ර්කාශ කලේ මෙලෙසින්ය.
“පොල් කැඩෙන පොල් මුරයට එක ගසින් පොල්වලු තුනක් පමණ කඩනවා. එම පොල් වලු තුනෙන් මැදි වයසේ තිබෙන ඇතැම් පොල්වලුවල ගෙඩිවල දීකිරි ‍පොල් තිබෙනවා. දීකිරි පොල් සාමාන්ය පොල්වලට වඩා බර වැඩියි. ඒවා ලෙලි පිටින් වතුරේ දැම්මොතින් නැට්ට උඩු අතට හැරෙනවා. ඒවගේම තමයි ලෙලි ගහපු පොල් ගෙඩියකට තට්ටු කරන විට ගොරෝසු හඬක් එනවා. ඇතුලේ වතුරත් නැහැ. දෙනිපිටිය ප්රිදේශ‍පයේ පොල් වල්ලක දීකිරි පොල්ගෙඩි තුනක්වත් තියෙනවා.”

2=දිකිරි ඇති පොල් ගස් copy

කප්රුකක් සේ හඳුන්වන පොල්වලට ඇති දිගු ඉතිහාසය අවුරුදු දහස් ගණනක ඉතිහාසය දක්වාම දිව යන්නකි. ඉතිහාස ග්‍රන්ථ මෙන්ම පුරාවිද්‍යාත්මක සාධකද, ඒ සඳහා සාක්ෂි හෙළි කරයි.මේ ප්‍රදේශයේ මෙවැනි වෙනසක් ඇති වීම උදෙසා ජනතාව සිතන්නේ පොළවේ ඇති හුණුගල් තට්ටුව නිසා වෙන්  මේ පොල් වීශේෂය වර්ධනය වීම උදෙසා ප්‍රධාන සාධයක්  වී  ඇති බවයි.

8-ශාන්ති හේවගේ

දීකිරි ගැන ශාන්ති හේවගේ මහත්මිය දි කිරි ගැන මෙසේ පැවසීය

“මේ පොල් විශේෂය අපේ ගමට තිබෙන සම්පතක් ලෙස තමයි අපි හිතන්නේ මුස්ලිම් අය ඉතාමත් කැ‍මැති  ආහාරයක් බවට මෙය පත් වෙලා තියෙන්නේ .බොහෝ දෙනා මේ පොල් හොයා‍ ගෙන මේ පැත්තට එනවා. මෙය  ශක්තිය වඩවන ආහාරයක් විධීයට තමයි සැලකන්නේ.හරිම ගුණදායි බවක් තමයි ති‍යෙන්නේ  මේ නිසා ලොකු කුඩා සැමගේම ප්‍රියතම ආහාරයක් විධියට තමයි  දී කිරි සලකන්නේ“

3-පොල් වල්ලක් copy

ශ්‍රි ලංකාවේ පොල්වල ඉතිහාසය ඇරඹෙන්නේ දකුණේ වැලිගම ප්‍රදේශයෙන් බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.වැලිගම පිහිටි “පොල්වත්ත” නමින් හඳුන්වන ප්‍රදේශයේදී මෙරට පළමුවම පොල්ගස රෝපණය කොට ඇත. පැලෑන ලෙස අද ව්‍යවහාර වන්නේ එකල පොල් පැල රෝපණය කරන ලද ප්‍රදේශයයි.මෙය බටහිර ජාතින් විසින් පැල කර ඇති බවට සඳහන් වේ.

7-එච්.පි

මෙන්න එච්.පි.ජෝතිපාල මහතාගේ දී කිරි කතාව

“දීකිරි පොල් හටගන්නේද, සෙසු පොල් හටගන්නා පොල්ගස්වලය. එම පොල්වලුවලමය. එම නිසා දීකිරි පොල්ගස් යැයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුය. එහෙත් මෑත කාලයේ දීකිරි පොල් ගෙඩිවලින් රෝපණය කරන ලද පොල් පැළ නැතුවාම නොවේ.

දීකිරි පොල්වලද, ගෙඩියේ ස්වරූපය සාමාන්‍ය පොල්ගෙඩියකට වඩා‍ වෙනස් නොවේ. එහි ඇතුළත පොල් වතුර නොමැත. පැල පොල් මදයක් මෙන් එහි ඇත්තේ පොල් මදයකි. ඒවා හිරමනයෙන් නොගා පිහියකින් උලුප්පා ගනිති. දීකිරි ඉතා මෘදුය. කිරි සුදු පැහැයෙන් යුක්තය.” යැයි ඔහු පැවැසි ය

4-දිකිරි පොල් ගෙඩියක් copy

කේ‍.එච්.ජයතිලක මහතා

“දී කිරි පිළිබඳව අසා ඇති බොහෝ දෙනෙකු දී කිරි කෑමට හෝ අඩු තරමින් දැක ඇත්තේත් කීයෙන් කී දෙනා දදීකිරි පොල් මදවල අධික ලෙස මේදය ඇතත් එය ඉතා රසවත්ය. මී පැණි හෝ හකුරු, මුද්දරස්පලම්,ගල්කණ්ඩු ආදිය සමඟ දීකිරි කෑමට එකල සිටම ජනතාව පුරුදූ වී සිටිති. එමෙන්ම දීකිරි පොල් පුරුෂ ශක්තිය වර්ධනය කිරීමටද, බෙහෙවින් ඉවහල් වෙයි. සාමාන්‍ය පොල් කිරි යොදා උයන රස කැවිලිවලට වඩා දීකිරි පොල් යොදා ගන්නා රස කැවිලි ඉතා රසවත්ය”

10..කේ.එච් copy

කේ.එච්.ඔස්ටින් මහතා

“දෙනිපිටිය පැරණි වෙළඳ පලෙහි දීකිරි පොල් විකිණීමට තිබෙනවා.. නමුත් ඒ සාමාන්‍ය පොල් අතර ‍නොවෙති. සුවිශේෂී භාණ්ඩයක් මෙන් එය අලෙවියට තබා ඇත

දීකිරි පොල්වල මිළ ඇසූ විටනම් කෙනෙ‍කුට එලොව පොල් පොල් පෙ‍නෙයි. රුපියල් 350කට ආසන්න මිලකට එම එක් ගෙඩියක් අලෙවි කරති.නමුත් අද වන විට  මිල දී ගන්නටවත් පොල් ගෙඩි නැති තරමට පත් වී ඇත. මීට හේතු බවට පත් වී ඇත්තේ වැලිගම පොල් කුණුවී මේ රෝගය හේතු කොට ගෙන ද දීකිරි පොල්වලට ද හෙණ ගැහුවා වගේ තමයි අද වෙලා තියෙන්නේ මේ පැත්තේ ජනතාව මේ පොල්වලින් හොඳ ආදායමක් ලබා ගත්තා නමුත් ඒ ආදායම පවා නැති වෙලා තියෙන්නේ  මේ නිසා අපි ඉල්ලා සිටින්නේ මේදී කිරි පොල් හට ගැනීමට මුලික හේතු වන්නේ කුමක් දැයි සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු ‍කර මේ ගැන ජාතියට අනාවරණය කිරිම වැදගත් වෙනවා යැයි ඒ මහතා පැවැසිය.

.(දීකිරි පොල් හටගන්නේද, සෙසු පොල් හටගන්නා පොල්ගස්වලය. එම පොල්වලුවලමය. එම නිසා දීකිරි පොල්ගස් යැයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුය. එහෙත් මෑත කාලයේ දීකිරි පොල් ගෙඩිවලින් රෝපණය කරන ලද පොල් පැළ නැතුවාම නොවේ.

දීකිරි පොල් ගෙඩි පැල කිරීම පහසු නැත. එසේ පැළ කළද, දෙණිපිටියෙන් බැහැර වෙනත් ප්‍රදේශයකදී දීකිරි පොල් ගසක් රෝපණය කර ගැනීමද, ඊට අපහසුය. ලුණුවිල පොල් පර්යේෂණායතනයේ මෙන්ම ගාල්ල ප්‍රදේශයේද, එලෙස රෝපණය කරන ලද පොල් ගස් දෙකක් ඇති බව දැනගන්නට ඇත.එහෙත් මේ පර්යේෂණ තවත් ඉදිරියට ගෙන‍ ගොස් මෙහි පවතින විද්‍යාත්මක ස්වභාවය ගැන දැන ගැනීමට බොහෝ ජනතාවක් බලා සිටියි

About meepura

Leave a Reply

Your email address will not be published. Required fields are marked *