Home / News / දික්වැල්ලේදි මාධ්‍යවේදින් අත්අඩංගුවට ගැනිම ගැන මාතර මාධ්‍යවේදියෝ විරෝධය පළකරති.

දික්වැල්ලේදි මාධ්‍යවේදින් අත්අඩංගුවට ගැනිම ගැන මාතර මාධ්‍යවේදියෝ විරෝධය පළකරති.

දිමාතර 1

දික්වැල්ල රදම්පල ඡන්දවිමසීමේ මධස්ථානයේ දී අත් අඩංගුවට ගත් මාධ්‍ය වේදීන් 05 දෙනා පැය 03 ගත වී ඇතත් තවමනිදහස් කර නොමැති මාතර මධයවේදියෝ සංවිදානය  පවසයි.
වාර්ථා වන අන්දමට  අදාල ඡන්ද මධස්ථානයට ඇතුළුවන ස්ථානයේදී කිසිඳු විරෝධයක් එල්ල වී නොමැති අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීම ගැන  මාතර මධයවේදින්ගේ සංවිදානය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ඔවුන් මුහුණු පොතේ සටහන් තබමින් ප්‍රකාශයට පත්කර ඇත.

එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රී  ඩලස අලහප්පෙරුම අද දික්වැල්ලේදි ඡන්දය ප්‍රකාශ කරන්නට ගිය අවස්ථාව වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදීන්  5දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන  එකි මැතිවරණ  මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා  විසින් පොලිසියට  භාර දි ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය  නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලයෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ අදාල ප්‍රදේශය භාර සහකාර මැතිවරණ  කොමසාරිස් වරයා විසින් අවවාද  කොට නිදහස් කිරිමට  නියමිත බවය.

මැතිවරණ නීතියට අනුව ඡන්දය ප්‍රකාශ කිරිමට අදාල දැ වාර්ථා කළහැක්කේ මිටර 100කට මෙහායින් සිට බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් නිදහස් හා සාධාරණ  මැතිවරණයක් සදහා වු ව්‍යාපාරයේ ප්‍රකාශයෙකු සදහන් කළේය.
එමෙන්ම ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු කියා සිටියේ ඡන්දය දෙන  අයුරු ශාලාව තුලට පැමිණ  වාර්ථා කිරිම සිදුනොකළ යුතු බවට මාධ්‍ය ආයතන නියෝජිතයන් හා මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවැති විශේෂ සාකච්ජාවකදි එකඟතාවයකට පැමිණ ඇති බවය.
එසේ ඉඩ ලබාදුන හොත් එහි වරද පැටවෙන්නේ අදාල ස්ථානාධිපතිට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මාතර 2

 

 

About meepura

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *