Home / News / මාතර ජය කාටද ?

මාතර ජය කාටද ?

vote

මෙවර මහා මැතිවරණයේදී මාතර දිස්ත්‍රිකයේ ජයක්ග්‍රහනය කාට හිමිවේ ද යන්න තවමත් සිතාගත නොහැකිය.කෙසේ වෙතත් දිස්ත්‍රික්කයේ ආසන 07 න් ජයක්ග්‍රහනය කරන පක්ෂයට ආසන 04 ක් ද ,පරාජය වන පක්ෂයට ආසන 02 ක් ද , ජනතා විමුක්ති පෙරමුණට ආසන 01 ක් ද , වශයෙන් බෙදී යනු ඇත.
ඉකුත් ජනවාරි 08 වන දින එක්සත් ජනතා නිදහස් සන්දානය මාතර දිස්ත්‍රික්කය ජයක්ග්‍රහනය කර ඇත්තේ වැඩි ඡන්ද 86000 කිනි. එය උපරිම රාජ්‍ය බලය යොදවා තිබු අවදියකය.එම ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 40000 පමණ මේ වන විට එක්සත් ජාතික පක්ෂයට හැරී අති බවක් පෙනෙන්ට ඇත.තවත් ඡන්ද 10000 කට ආසන ප්‍රමාණයක් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තරුව ලියනගේ සුනිල් හා දකුණු පළාත් සභා මන්තී‍්‍ර අන්කෝනිගේ හේවා පියසේන යන මහත්වරු මෙවව්ර ස්වාදීන කණ්ඩායම් වලින් ඉල්ලා සන්දානයේ ඡන්ද ඩැහැගනු ඇත.
ඒ අනුව ගත් විට එක්සත් ජනතා නිදහස් සන්දානයේ ඡන්ද දායකයින් 30000 පමණ නිහඬ ප්‍රතිපත්තියක සිටී.ඔවුන් ලබන 17 වන දින ඡන්ද පොලට යයිද? නොයිද? සිය මතය වෙනස් කරයිද? යන්න ප්‍රකාශයට පත් කරනු ඇත්තේ ඡන්ද ප්‍රකාශ කරන දිනයේය.
එක්සත් ජාතික පක්සහය මෙවර මැතිවරණයේ දී සන්දානයට වඩා ප්‍රචාරක වියාපාරයෙන් තියුණු සටනක නිරතව සිටී.එම පක්ෂයේ ප්‍රබලයින් ගේ අමනාපය දුරු වී ඔවුන් සමගි වන්නේ නම් අවසන් ප්‍රථිපලය හිතනවාට වඩා ශක්තිමත් කරගත හැක.
එක්සත් ජනතා නිදහස් සන්දානයේ කණ්ඩායම මහින්ද හිත වාදීන් හා මෛත්‍රී හිතවාදීන් ලෙස දෙකට බෙදී එකිනෙකාට චෝදනා කර ගැනීම ඔව්න්ගේ ප්‍රතිපලයට බාදාවක කරගෙන ඇත.කෙසේ වෙතත් මාතර ,වැලිගම හා දෙනියාය යන ආසන වල වැඩි බරක් එක්සත් ජාතික පක්ෂයට නැබුරු වෙමින් තිබේ.දෙනියාය,අකුරැස්ස හා කබුරුපිටිය යන ආසනවල වැඩි බර තවමත් සන්දානය සතුව ඇති බව පෙනන්නට ඇත. දෙවිනුවර ආසනය ගැන තවමත් සිතාගත නොහැකිය.පසුගිය මහා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එජාපය සමඟ එක්ව තරඟ කල අතර මෙවර ඔවුන් වෙන් වෙන් වශයෙන් තරඟ කරයි.ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද ප්‍රතිශතයේ වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බැවින් ඉදිරි දින කිහිපය තුල වැඩි බලයක් යෙදවුවහොත් ඔවුන්ට ආසන 02 දක්වා යාමේ ඉඩකඩ පෙන්නුම් කෙරේ. ඊට හේතුව වෛද්‍ය වරයකුගේ බිරිඳක් ද එම කණ්ඩායමෙන් තියුණු සටනක් දී අති නිසාය.
මාතර දිස්ත්‍රික්කය ජයක්ග්‍රහනය කරන කණ්ඩායමට ප්‍රසාද මන්ත්‍රී ධුරයක් ද හිමි වේ. දිස්ත්‍රිකයේ ජයක්ග්‍රහනය සඳහා ප්‍රධාන පක්ෂ දෙකම කරට කර සටනක නිරතව සිටී. ඉදිරි දින 05 තුල යොදන ශක්තිය අනුව ලබන 17 වන දා මාතර දිස්ත්‍රිකයේ ජයක්ග්‍රහනය කාට හිමිවනු ඇද්ද තීරණය වනු ඇත.

Krishan Jeewaka Jayaruk.

About meepura

Check Also

photo-1444212477490-ca407925329e

පාරේ සිට ගෙදර ගෙන ආ බලු පැටවා සපා කෑමෙන් පුද්ගලයෙකු මිය යයි !

  ජලභීතිකා රෝගය වැළඳීමෙන් තවලම, ඕපාත ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *