Home / Business / Microsoft සමාගම සිරා Lumia ජංගම දුරකතනයක් එළිදක්වන්න සුදානම් වෙනවා ලු !

Microsoft සමාගම සිරා Lumia ජංගම දුරකතනයක් එළිදක්වන්න සුදානම් වෙනවා ලු !

ලෝකයේ ප්‍රසිද්ධ ජංගම දුරකථන නිෂ්පාදක සමාගම් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ ප්‍රධාන සමාගම් අතර ඇති තරඟයයි. ඒ තරඟයට සරිලන පරිදි සෑම සමාගමක් ම උත්සාහ කරන්නේ සුපිරි ජංගම දුරකථන වෙළඳපොළට හඳුන්වා දීමටයි. කොහොම හරි මේ තරඟයට මුහුණ දීමට මයික්‍රසොෆ්ට් සමාගම අලුත්ම දුරකථන දෙකක් නිෂ්පාදනය කිරීමේ කාර්යයක නිරත වී සිටින බව දැනගන්න ලැබෙනවා. මේ ගැන නොයෙක් ආරංචි මාර්ග ලැබෙමින් පවතිනවා. මේ දුරකථනය සමාගමේ නවතම පාලන පද්ධතිය වන වින්ඩෝස් 10 වලින් පණගැන්වෙන බව කියවෙන හින්දම ගොඩක් අය මේ දුරකථනය ගැන අවධානයෙන් පසුවෙනවා.

මේ දුරකථන දෙක වන්නේ Lumia 950 සහ 950 XL. Microsoft Lumia 950 දුරකථනය අඟල් 5.2 ක Full HD තිරයක් සහිත බව දැනගන්න ලැබෙනවා. ඒවගේම six-core Snapdragon 808 ප්‍රොසෙසරයක් , 3GB RAM සහ 3,000 mAh ඉවත් කල හැකි බැටරියකින් ද සමන්විත වන බව අනාවරණය වී තිබෙනවා. Lumia 950 XL දුරකථනය තරමක් ප්‍රමාණයෙන් විශාල අඟල් 5.7ක FullHD තිරයක් සහිතව octa-core Snapdragon 810 ප්‍රොසෙසරයක් , 3GB RAM, සහ 3,300 mAh බැටරියකින් සමන්විත වනවා. මිට අමතරව ලැබෙන ආරංචි මාර්ග මෙහි 32GB ප්‍රමාණයේ දත්තා ගබඩා කිරීමේ හැකියාව සහ micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමේ හැකියාවත් පවතිනවා. ඒවගේම පසුපස කැමරාව මෙගාපික්සල් 20ක් බවත් ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 5ක් වන බවත් පැවසෙනවා.

මේ දුරකථන දෙකම ලෝහ බඳකින් යුතුව නිමැවෙන අතරම නවතම USB type C වර්ගයේ පොර්ට් එකකින් ද සමන්විත වෙන බව දැනගන්න ලැබෙනවා.

උපුටාගැනීම sira.lk

About meepura

Check Also

matara  bussines 1

වසරේ හොඳම ව්‍යවසායකත්ව ලෝකඩ පදක්කම මාතර Deen Brothers ආයතනයට

ශ්‍රී ලංකා වාණිජ හා ව්‍යවසායකත්ව මණ්ඩලය 20 වරත්ටත් සංවිධානය කල වසරේ හොඳම ව්‍යවසායකයා තේරීමේ ජාතික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *