Home / Stories / යුරෝපා සංගමය සමග සාකච්ජා කොට ධිවරයන්ට සහන ලබාදෙනවා- මංගල සමරවීර

යුරෝපා සංගමය සමග සාකච්ජා කොට ධිවරයන්ට සහන ලබාදෙනවා- මංගල සමරවීර

මංගලමංගල 1විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජුලි 19 දින දෙවිනුවර, කිරලවැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි විය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ, යහපාලන ආණ්ඩුව රජයේ සේවකයන්ගේ පඩිය රුපියල් 2,500 කින් නොව, රුපියල් 10,000 කින් වැඩි කළ බවයි.

විශ්‍රාමිකයන්ගේ වැටුප් ජුනි මාසයේ සිට වැඩි වූ බවත්, පසුගිය රජය සමෘද්ධි ව්‍යාපාරය හරහා තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කළ බවත්, සමෘද්ධි ලාභීන්ට බොරු පොරොන්දු දී සමෘද්ධි බැංකුවේ තිබුණ සල්ලි බැසිල් රාජපක්‍ෂ හා පුෂ්පා රාජපක්‍ෂ ඩැහැ ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

නමුත් අපි ඇවිත් මාස එක හමාරකින් සමෘද්ධිය දෙගුණයකින් වැඩි කළ අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයකගේ මිල අඩු කළ බවද පැවසූ අමාත්‍යවරයා, ධීවර ජනතාවට ඉන්ධන මිල අඩු කිරීමෙන් ඔවුන්ට විශාල වාසියක් ඇති වූ බවත්, අපි ආණ්ඩුවට එන කොට ජනවාරි මාසයේ ‘ටූනා මාළු’ යුරෝපීය සංගමයට විකිණීමට තිබූ වරප්‍රසාදය (ග්‍රීන් කාඞ්) රතු කාඞ් එකක් බවට පත් කර එය තහනම් වූ බවත්, ධීවර ජනතාවට තිබුණු අයිතිය අහිමි වූ බවත් මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මංගල සමරවීර මහතා පැවසීය.

මම විදේශ ඇමැති වශයෙන් පත් වෙලා යුරෝපීය සංගමයත් සමග සාකච්ඡුා කළා. එහිදී එම සංගමය විසින් පනවා තිබූ යම් යම් දේ නිවැරදි කර අවුරුද්ද අවසානයේ ධීවර ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
(මාතර යොවුන් පෙරමුණු පුවත් )

About meepura

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *